ලබන වසරේ රජයේ සහ බැංකු නිවාඩු දින…
ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන් 1971 අංක 29 දරන නිවාඩු පනත යටතේ ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතාගේ අත්සනින් යුත් ගැසට් නිවේදනය මේ මස 01 වැනි දා නිකුත් කර ඇත. අදාළ ගැසට් නිවේදනයට අනුව ලබන වසරේ රජයේ සහ බැංකු නිවාඩු දින 25ක් සටහන්ව ඇත. ඔක්තෝම්බර් මස 30 වැනි දිනය වප්පුර පසළොස්වක පෝය සහ නබි නායකතුමාගේ උපන් දිනය යෙදී ඇත. ඒ අනුව
2020 ජනවාරි මස 10 සිකුරාදා දුරුතු පුර පසළොස්වක
ජනවාරි මස 15 බදාදා දෙමළ තෛපොංගල් දිනය
පෙබරවාරි මස 04 අඟහරුවාදා ජාතික දිනය
පෙබරවාරි මස 08 සෙනසුරාදා නවම් පුර පසළොස්වක
පෙබරවාරි මස 21 සිකුරාදා මහ සිව රාත්‍රී දිනය
මාර්තු මස 09 සඳුදා මැදින් පුර පසළොස්වක
අප්‍රේල් මස 07 අඟහරුවාදා බක් පුර පසළොස්වක
අප්‍රේල් මස 10 සිකුරාදා මහ සිකුරාදා දිනය
අප්‍රේල් මස 12 ඉරිදා සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය
අප්‍රේල් මස 13 සඳුදා සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය
මැයි මස 01 සිකුරාදා ලෝක කම්කරු දිනය
මැයි මස 07 බ්‍රහස්පතින්දා වෙසක් පුර පසළොස්වක
මැයි මස 08 සිකුරාදා වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
මැයි මස 25 සඳුදා ඊදුල් පීතර් (රාමසාන් දිනය)
ජුනි මස 05 සිකුරාදා පොසොන් පුර පසළොස්වක
ජූලි මස 04 සෙනසුරාදා ඇසළ පුර පසළොස්වක
අගෝස්තු මස 01 සෙනසුරාදා ඊදුල් අල්හා (හජ්ජි උත්සවය)
අගෝස්තු මස 03 සඳුදා නිකිණි පුර පසළොස්වක
සැප්තැම්බර් මස 01 අඟහරුවාදා බිනර පුර පසළොස්වක
ඔක්තෝම්බර් මස 01 බ්‍රහස්පතින්දා අධිවප් පුර පසළොස්වක
ඔක්තෝම්බර් මස 30 සිකුරාදා වප් පුර පසළොස්වක පෝය දිනය සහ මිලා දුන් නබි (නබි නායකතුමාගේ උපන් දිනය)
නොවැම්බර් මස 14 සෙනසුරාදා දීපවාලී උත්සව දිනය
නොවැම්බර් මස 29 ඉරිදා ඉල් පුර පසළොස්වක
දෙසැම්බර් මස 25 සිකුරාදා නත්තල් උත්සව දිනය
දෙසැම්බර් මස 29 අඟහරුවාදා උදුවප් පුර පසළොස්වක පොහොය දිනය යෙදී තිබේ.
උපුටා ගැනීම: දිනමිණ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)