වසර 40 000ක් පැරණි වෘක හිසක්…

වසර 40 000ක් පැරණි වෘක හිසක් සයිබීරියාවෙන් හමු වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජපානයේ තෝකියෝහි පැවති ප්‍රදර්ශනයකදී එය පළමු වරට ජනතාවට ප්‍රදර්ශනය කෙරුණු බවයි.
රුසියානු සහ ජපාන විද්‍යාඥයින් පිරිසක් වසර 40 000ක් පමණ පැරණි හිම යුගයේ ජීවත් වූ වෘක වර්ගයකට අයත් වෘක හිසක් සොයාගෙන ඇත. මෙම වෘක හිස හිමවලට යටවීමෙන් මිදුණු පස් යට සැළකිය යුතු හානියකින් තොරව තැන්පත්ව තිබී ඇති බව සඳහන්ය. එය පසුගිය සතියේ තෝකියෝහි පැවති ප්‍රදර්ශනයකදී ජනතාවට විවෘත කෙරුණි.
සෙන්ටිමීටර් 40ක් පමණ දිගු හිස තවමත් ලෝමවලින් ආවරණය වී ඇත. මියයන විට වෘකයා වයස අවුරුදු දෙකත් හතරත් අතර පසු වූ බවද අනාවරණය වී තිබුණි. මෙම වෘක හිස සොයාගෙන ඇත්තේ සයිබීරියාවේ ප්‍රදේශයක මැමත් දළ සොයමින් සිටියදී බව සඳහන්ය.
ස්ටොක්හෝම්හි පිහිටි ස්වභාවික ඉතිහාසය පිළිබඳව වන කෞතුකාගාරයකට මෙම වෘක හිසේ සාම්පලයක් යොමු කිරීමෙන් අනතුරුව නිර්ණය කර ඇත්තේ එය සහශ්‍ර වර්ෂ 40ක් පැරණි බවයි. මෙම වෘක හිස තුළ හොඳින් සංරක්ෂණය වූ වෘකයාගේ මොළයද ඇති බව විද්‍යාඥයින් පවසයි.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)