පාසල් සිසුන්ට ටැබ් දෙන්න කැබිනට් අනුමැතිය…

පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩපිළිවෙළට ඊයේ(25) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
මෙය මෑතකාලීන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශිෂ්ට ජයග්‍රහණයක් බවත්, එය සිසු දරුදැරියන්, ගුරුභවතුන්, මවුපියන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සියලු පාර්ශ්වයන්ට අතිශයින් සතුටට පත්විය
හැකි මොහොතක් බවත් අැමැතිවරයා සඳහන් කරයි. මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ සියලුම ජාතික පාසල්වල උසස් පෙළ හදාරන සිසුන්ට හා උසස් පෙළ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ට ටැබ් පරිගණක ලක්ෂයක් පමණ ලබාදීමට පියවර ගන්නා බව ද, ඉතා ඉක්මනින් පාසල් පද්ධතිය වෙත මෙම ටැබ් පරිගණක බෙදා හැරීමට සහ ඊට අදාළ පුහුණු කිරීම් ලබාදීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේත්, කැබිනට් මණ්ඩලයේත් පූර්ණ සහයෝගය නිසා මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය වෙත හඳුන්වාදීමට හැකි වූ බවත්, ඒ වෙනුවෙන් තම කෘතවේදීත්වය පළ කරන බවත් අැමැතිවරයා පවසයි.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ලෙස දෙවැනි වර විභාගයට පෙනී සිට සමත් වූ සහ ජාතික පාසල්වලට අනුයුක්තව ගුරු සහායක පත්වීම් ලබා සේවයේ යෙදී සිට උපාධි සුදුසුකම හෝ ගුරු පුහුණුව සම්පූර්ණ කිරීම මත ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගත් ගුරුවරුන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ ඊයේ (25) පැවති පත්වීම් ප්‍රදානෝත්සවයේදී ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේ ය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)