ලෝක නව නිපැයුම් තරගයෙන් ශ්‍රී ලංකාවට රන් සම්මාන 3ක්…

පස්වැනි ලෝක නව නිපැයුම් හා නවෝත්පාදන තරගාවලියේ දී ශ්‍රී ලංකාව රන් සම්මාන තුනක් සහ රිදී සම්මාන තුනක් හිමි කර ගැනීමට සමත් විය. සිසුන්, නව නිපැයුම්කරුවන්, නවෝත්පාදකයන් සහ පර්යේෂණ විද්‍යාඥයන්ට සිය නිර්මාණ සහ නවෝත්පාදන ලෝකයට හඳුන්වා දීමේ අවස්ථාව ලබා දෙමින් කොරියා ඉන්වෙන්ෂන් නිවුස් සහ කොරියා ඉන්වෙන්ෂන් ඇකඩමිය සංවිධාන කළ මේ තරගාවලිය පසුගිය 15 සහ16 දෙදින තුළ කොරියාවේ සෝල්හි දී පැවැත්විණි. ශ්‍රී ලාංකික නව නිපැයුම්කරුවන්ට මේ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසම මගින් ලබා දෙනු ලැබූ අතර, ඒ අතරින් මේ ජයග්‍රහණ ලැබීය.
මෙහි දී විජයපාල වෙල්ගම, දිනේෂ් සසිත ශ්‍රීමාල් ප්‍රනාන්දු සහ උලගන්දන් චාර්තීපන් විසින් රන් සම්මාන දිනා ගන්නා ලදි. තව ද විජයපාල වෙල්ගම විසින් රිදී සම්මාන දෙකක් ද දිනා ගන්නා ලද අතර, කමල්ජිත් තඹවිට, මෙවන්යා තඹවිට, සෙනිල තඹවිට තිදෙනා විසින් තවත් රිදී සම්මානයක් දිනා ගනු ලැබීය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)