රොබෝවරු කර්මාන්ත අංශයේ රැකියා ආක්‍රමණය කරයි…

2030 වසර වන විට ලොව පුරා කර්මාන්ත අංශයේ රැකියා මිලියන 20ක් පමණ රොබෝවරුන් මගින් සිදු කරනු ඇති බව ඔක්ස්ෆර්ඩ් ඉකොනොමික්ස් මගින් සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
මෙම තත්ත්වය නිසා රැකියා අහිමි වන පුද්ගලයන් බොහෝ දුරට සේවා ක්ෂේත්‍රයේ රැකියාවලට සම්බන්ධ වීමට ඉඩ ඇති නමුත්, එවැනි බොහෝ අංශ ද මේ වන විට ස්වයංක්‍රීයකරණය කර තිබෙන බව සමීක්ෂණය සිදු කළ ආයතනය පවසයි.
කෙසේ නමුත්, විවිධ අංශ ස්වයංක්‍රීයකරණය කිරීම තුළින් ද නව රැකියා අවස්ථා නිර්මාණය වන අතර එය ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට ඉවහල් වන බව සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.
මේ අතර, විවිධ පුද්ගලයන් අතර පවතින ආදායම් පරතරය වැළැක්වීම සඳහා පියවර ගතයුතු බව ද මෙම සමීක්ෂණයෙන් අවධාරණය කර තිබේ.
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)