සංචාරයට සුදුසුම රටවල් අතර ශ්‍රී ලංකාවට පළමු තැන…
ලොව ප්‍රකට‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාවේ නවතම වාර්තාව කියයි
පාස්කු ඉරිදා බෝම්බ් ප්‍රහාරවලින් පසුව, ශ්‍රී ලංකාව සංචාරයට සුදුසුම රටවල් අතර මුල් ස්ථානයේ පසුවන බවට ලෝකයේ මුල් පෙළේ සඟරාවක් වන ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාව සඳහන් කරයි. සිය නවතම ලිපිය පළ කරමින් ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාව ඒ බව සඳහන් කර තිබෙන අතර ලොව විශාලතම සංචාරක මඟ පෙන්වීම් පොත් ප්‍රකාශකයා ලෙස හැඳින්වෙන ‘ලෝන්ලි ප්ලැනට්’ පසුගිය වසරේ දී ප්‍රකාශයට පත්කරන ලද ‘බෙස්ට් ඉන් ට්‍රැවල් 2019 – ලෝන්ලි ප්ලැනට්’ කෘතියට අනුව මේ වසරේ දී සංචාරය කිරීමට හොඳම රට බවට ශ්‍රී ලංකාව තේරී පත්ව තිබිණි.
අප්‍රේල් 21 වැනිදා (පාස්කු ඉරිදා) එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සැළකිය යුතු පසුබැසීමකට ලක්වූ අතර ප්‍රහාරයට පසු සතියේ දී ශ්‍රී ලංකාව තුළ නවාතැන් පහසුකම් වෙන් කරවා ගැනීම් සියයට 186කින් පහත වැටුණු බව සංචාරක උපදේශක ආයතනයක් වන ‘ෆෝවර්ඩීකීස්’ උපුටා දක්වමින් ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාව සඳහන් කැර ඇත.
දේශ ගවේෂණය, අධ්‍යාපනය ලැබීම, සංචාරය කිරීම යනාදිය වැළැක්වීමට පාස්කු ඉරිදා ප්‍රහාර වැනි සිදුවීම්වලට ඉඩ නොදිය යුතු බවත් එවැනි කනගාටුදායක සිදුවීම් සිදු වුවත් ශ්‍රී ලංකාව තවමත් ‘බෙස්ට් ඉන් ට්‍රැවල් 2019’ මේ වසරේ සංචාරයට හොඳම රටවල් අතර මුල් ස්ථානයේ පසුවන් බවත් ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාවේ නවතම ලිපියේ සඳහන් වේ.
එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක්ම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ඒ ඒ රටවල පුරවැසියන් වෙත නිකුත් කැර තිබූ සංචාරක උපදේශන මාලාවන් ඉවත් කිරීමට කටයුතු කැර ඇතැයි ද එම ලිපියේ සඳහන්ව තිබේ.
මේ වසරේ දී සංචාරය කිරීමට හොඳම රටවල් දහය අතරේ දෙවැනි තැන ජර්මනියටත් තෙවැනි තැන සිම්බාබ්වේ දේශයටත් හිමිව තිබෙන අතර එහි සෙසු ස්ථාන පිළිවෙළින් පැනමාව, කිර්ගිස්තානය, ජෝර්දානය, ඉන්දුනීසියාව, බෙලරූස්, සාඕ ටොමේ සහ පින්සිපේ සහ බෙලීස් යන රටවලට හිමිව ඇත.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)