කොරල්පර නැවත වගා කිරීමේ ව්‍යාපෘතියක් කන්කසන්තුරෙයි දී…

කොරල්පර නැවත වගා කිරීමේ ව්‍යාපෘතියක් උතුරු නාවික විධානය විසින් ආරම්භ කරයි.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මක කෙරේ. කන්කසන්තුරෙයි වෙරළ තීරයේදී මෙම ව්‍යාපෘතිය ඊයේ(04) ආරම්භ කරන ලදී.
වර්ථමානය වන විට විවිධ හේතූන් නිසා විනාශ වෙමින් පවතින කොරල්පර ආරක්ෂා කර ගැනීම මෙහි මූලික අරමුණ වේ. ඒ අනුව නාවික හමුදා දැනුම සහ තාක්ෂණය උපයෝගී කර ගනිමින් පාෂාණ කොටස් 11 මත කොරල් වගා කිරීම එහිදී සිදු කෙරේ.
කොරල් ආශ්‍රිතව වැඩෙන විලෝපික ශාක ඉවත් කිරීම සහ රළු මුහුදු තත්ත්වය යටතේ සිදු විය හැකි හානි මැඩපැවැත්වීමට ද නාවික හමුදාව කටයුතු කරනු ලබයි.
එමෙන්ම දිවයිනේ වෙරළ ප්‍රදේශ රැසක මේවන විට නාවික හමුදාව කොරල් පර නැවත වගා කිරීමේ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කර ඇති අතර, එය නාවික හමුදාවේ නීල හරිත පාරිසරික සංකල්පය යටතේ සිදුවන පරිසර හිතකාමි ව්‍යාපෘතියකි.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)