ගූගල් ට්‍රාන්සිට් සේවය සක්‍රීය කිරිමට මූලික කටයුතු අරඹයි…

මෙරට ප්‍රවාහන ක්ෂේත්රයේ පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ ජාතික ගමනා ගමන කොමිසම් සභාවේ විසිපස්වැනි සංවත්සරයේදී ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.
ගූගල් මැප් යනු ගූගල් සේවාව ලබා දෙන අන්තර්ජාල සිතියම් සේවාවකි. එම සිතියම් සේවාවෙන් දැනට Google traffic යන විශේෂාංගයෙන් පෞද්ගලික ප්‍රවාහන තොරතුරු සහ පෞද්ගලික ප්‍රවාහනය සඳහා ස්ථාන සහ මාර්ග සිතියම් තොරතුරු සපයයි.
නමුත් ගූගල් මැප්හි පොදු ප්‍රවාහන සේවාවේ තොරතුරු ලබා දෙන Google transit විශේෂාංගය තවමත් ශ්‍රී ලංකාවට විවෘතව නොමැත. ජාතික ගමනා ගමන කොමිසම් සභාවේ විසිපස්වැනි සංවත්සර උත්සවයේදී සිදු කෙරුණේ එම Google transit විශේෂාංගය මෙරටට සක්‍රීය කර ගැනීම සඳහා අතවශ්‍ය වන දත්ත සමූහය ගූගල් ආයතනයට නිල වශයෙන් යොමු කිරීමයි.
ඉදිරි දින කිහිපයේදී ගූගල් ආයතනය විසින් එකී දත්ත නිරීක්ෂණය කර අන්තර්ජාලයට මුදා හැරෙන අතර ඒ අනුව ඉතා ඉක්මනින් Google transit විශේෂාංගයෙන් තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව මෙරට පොදු ජනතාවට උදා වනු ඇති.
මේ හරහා සිදුවන්නේ උදාහරණයක් ලෙස ඔබට නාරාහේන්පිට සිට අනුරාධපුරය දක්වා ගමන් කිරීමට අවශ්‍ය නම් එවිට මෙම ගූගල් ට්‍රන්සිට් විශේෂාංගය මගින් පොදු ප්‍රවාහනය භාවිත කර එනම් දුම්රිය සහ බස්රථ මඟින් අනුරාධපුරයට යා හැකි ආකාරය සිතියම්ගතව පෙන්නුම් කරයි.
ගමනට ගතවන කාලය, බස්රථ නවත්වන ස්ථානය, පයින් යායුතු තැන්, දුම්රිය සේවාව ලබාගත හැකි තැන් ආදි වශයෙන් තොරතුරු රැසක් එයින් ලබා ගත හැකිය.
උපුටා ගැනීම: විජය පුවත්පත
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)