ගුරුවරුන් 5,000ක් බඳවා ගනියි…
අධ්‍යාපන පද්ධතිය දේශපාලනයෙන් මුදා ගත යුතු බවත්, අධ්‍යාපනයේ සියලු පත් කිරීම් සුදුස්සන්ටම ලබාදීම තම ප්‍රතිපත්තිය බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ ඉදිකළ ගිරිඋල්ල රත්නාලංකාර මහා විද්‍යාලයේ ද්විතීයික කණිෂ්ඨ විද්‍යාගාරය සහ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ සඳහා වැය කර ඇති මුදල මිලියන 35 කට ආසන්නය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසූවේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුලු අධ්‍යාපනයේ කිසිදු තනතුරකට දේශපාලන අතපෙවීම් නොකිරීම මගින් අධ්‍යාපනයේ ගුණාත්මක බව ආරක්ෂා කිරීමට හැකියාව ලැබී ඇති බවයි.
විශේෂයෙන්ම විදුහල්පතිවරුන්ගේ පුහුණුව සහ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් දියත් කර ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා විදුහල්පතිවරුන් 1000 කට ආසන්න පිරිසකට මේ වනවිට විදෙස් පුහුණු අවස්ථා උදාකර ඇති බව ද සඳහන් කළේය.
ගතවූ වසර 4 ක කාලය තුළ කිසිදු නුසුදුසු ගුරුවරයෙකු අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කර නොගත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා විද්‍යාපීඨ බඳවා ගැනීම් දෙගුණ කිරීම සඳහා නේවාසිකාගාර ඇතුලු පහසුකම් සංවර්ධනය කර ඇති අයුරු ද සඳහන් කළේය.
තවද උපාධිධාරීන් 20,000 කට රැකියා ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ උපාධිධාරීන් 5,000 ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා ජාතික පාසල් සඳහා තවත් ගුරුවරුන් 3,500 ක් බඳවා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව යොමු කර ඇති බව ද සඳහන් කළේය.
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)