කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්පත් කැදවීම මධ්‍යස්ථාන 18කදී…

ඇගයුම් මත ලකුණුදීමේ ක්‍රමවේදය යටතේ පවත්වනු ලබන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සදහා අයදුම්පත් නිකුත් කිරීම 2019.03.26 දින ආරම්භ විය.
අයදුම්පත් නිකුත් කිරීම 2019.03.29 දින දක්වා කාර්යාංශයේ මධ්‍යස්ථාන 18කදී සිදු කෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
අයදුම්පත් නිකුත් කිරීමේ පළමු දින වන 26 දින අයදුම්පත් 4998ක් නිකුත් කර තිබේ. ඉන් වැඩිම අයදුම්පත් ප්‍රමාණය නිකුත් කර ඇත්තේ තංගල්ල විගමණික සම්පත් මධ්‍යස්ථානයෙනි. දකුණු කොරියාවේ නිශ්පාදන, ඉදිකිරීම් හා ධිවර අංශයන්හි රැකියා සදහා මෙම අයදුම්පත් නිකුත් කිරීම සිදුකෙරේ.
කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්පත් ලබාගැනීම සදහා විභාග අපේක්ෂකයා පෞද්ගලිකව ඉදිරිපත් විය යුතුය.
දකුණු කොරියානු රැකියා ලබාදෙනු ලබන්නේ කොරියාවේ රැකී රක්ෂා හා කම්කරු අමාත්‍යාංශය මගින් වන අතර, එම රැකියා පරිපාලනය කරන ලබන්නේ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව මගිනි. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එහි සම්බන්ධිකරණ කටයුතු සිදුකරයි.
දකුණු කොරියානු රැකියා සදහා ඊට අමතරව කිසිදු පුද්ගලයෙකුට මැදිහත්විය නොහැකි අතර, කොරියානු රැකියා සදහා වෙනත් අතරමැදි පුද්ගලයින්ට මුදල් ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය කොරියානු රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. කොරියානු රැකියා සදහා අයදුම්පත් නිකුත් කිරීම පිළිබදව වැඩිදුර තොරතුරු අදාළ මධ්‍යස්ථානයේ දුරකථන අංකය අමතා ලබාගත හැකිය.
අයදුම්පත් නිකුත් කරනු ලබන කාර්යාංශයේ මධ්‍යස්ථාන පහත පරිදි වේ.
උපුටා ගැනීම: රජයේ නිල පුවත් වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)