රජයේ නිලධාරීන්ගේ නිපුණතා වැඩි දියුණු කිරීමට තාක්ෂණික පුහුණුවක්…

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා සිංගප්පූරු සහයෝගිතා සමාගම එක්ව තෝරා ගත් රජයේ නිලධාරීන්ගේ නිපුණතා වැඩි දියුණු කිරීමට පියවර ගැනේ.
ඒ සඳහා සම්මන්ත්‍රණ වැඩසටහන් මාලාවක් මේවන විටත් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායිකා ඉන්ධිරා මල්වත්ත මහත්මිය රජයේ නිල පුවත් වෙබ් අඩවිය සිදු කළ විමසීමකදී ප්‍රකාශ කළාය.
ශ්‍රි ලංකා ජාතික අපනයන ක්‍රමවේදය මඟින් 2022 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 20.8 සිට ඩොලර් බිලියන 37.9 දක්වා අපනයන වටිනාකම වැඩි කිරීමට ද කටයුතු කරන බවද මල්වත්ත මහත්මිය තවදුරටත් පැවසුවාය.
පර්යේෂණ සංවර්ධන හා නවෝත්පාදන වැඩමුළු මාලාව මේවන විටත් ආරම්භ වී ඇත. මෙම වැඩමුළු අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පවත්වන අතර ඒ සඳහා සංවර්ධන ක්‍රමෝපායන් හා ජාත්‍යන්තර වෙළෙදාම අමාත්‍යංශයේ නිලදාරීන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් පසුගිය වැඩමුළුවට සම්බන්ධ වූහ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, විද්‍යා තාක්ෂණ හා නවෝතපාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය යනාදී ආයතන වෙමින් පළමු වැඩමුළුව පවත්වන ලදි.
මෙම සැසිවලදී ලබා ගන්නා දැනුම සම්බන්ධ ඵලදායී ප්‍රතිඵල ජනනය කිරීමට හා නව්‍යකරණය සඳහාත්, පර්යේෂණ සංවර්ධනය මඟින් අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා ජාතික ක්‍රියාකාරී කටයුතුවල දායකවීමේ අවස්ථාද මේ අනුව හිමිවන බවද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ජීවනී සිරිවර්ධන මහත්මිය පැවසුවාය.
උපුටා ගැනීම : රජයේ නිල පුවත් වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)