නැඟෙනහිර විශ්වවිද්‍යාලයට සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයක්…

ශ්‍රී ලංකා නැඟෙනහිර විශ්වවිද්‍යාලයීය සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය සඳහා වූ ගොඩනැඟිලි සංකීර්ණය අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදලේ මූල්‍ය සහාය සහිතව රුපියල් මිලියන 7,978ක මුළු ආයෝජනයක් යටතේ මඩකලපුව, පිල්ලෙයාරඩි ප්‍රදේශයේ අක්කර 50ක භූමිභාගයක් තුළ ඉදි කිරීමට යෝජනා වී ඇත.
ඒ සඳහා වන ගොඩනැඟිලි ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,887.95ක (බදු රහිත) මුදලකට සීමාසහිත ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කන්සෝටියම් පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)