මාදුරුඔයේ පාවෙන සූර්ය බලාගාරයක්…

මාදුරු ඔය ජලාශයේ මෙගා වොට් 100ක පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සහ Canadian Commercial Corporation ආයතනය අතර සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (9) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිදු විය.
බලශක්ති අර්බුදයට විසැඳුමක් හා අඩු වියදම් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කෙරෙහි යොමුවීමේ පියවරක් වශයෙන් මහවැලි ආර්ථික කලාපයන්ට අයත් ජලාශ මත පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්යාංවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා අැමැති මණ්ඩල අනුමැතිය හිමි විය.
ඒ අනුව ප්‍රදේශ කිහිපයක ඉදිකෙරෙන මෙම පාවෙන සූර්ය බලාගාර ව්‍යාපෘති මඟින් 2030 වසර වන විට මෙරට විදුලිබල අවශ්‍යතාවයෙන් 50%ක් පුනර්ජනනීය බලශක්තිය මඟින් සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.
එහි පළමු ව්‍යාපෘතිය මහවැලි කලාපයට අයත් මාදුරුඔය ජලාශය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන අතර සූර්ය පැනල හා විදුලිය ගබඩා කළ හැකි විද්‍යුත් කෝෂ යොදාගෙන සූර්ය බලශක්තිය ගබඩා කරන ව්‍යාපෘතියක් ලෙස කැනේඩියානු සෝලර් ආයතනයේ සහයෝගයෙන් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. අදාළ ව්‍යාපෘතිය සඳහා ජලාශයේ අක්කර පන්සීයකට ආසන්න ඉඩ ප්‍රමාණයක් යොදා ගැනීමට නියමිත අතර, එම ප්‍රමාණය ජලාශයේ සම්පූර්ණ වපසරියෙන් 4 %කටත් වඩා අඩු ප්රමාණයකි.
මෙම ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීමට නියමිත අතර, ප්‍රථම මෙගා වොට් 10 මෙම වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට සම්පූර්ණ කිරීමටත් 2020 සැප්තැම්බර් අවසන් වන විට මෙගා වොට් 100ක සම්පූර්ණ ධාරිතාව ඉදිකර අවසන් කිරීමටත් යෝජිතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා සහ Canadian Commercial Corporation ආයතනයේ ආසියානු කලාපීය අධ්යක්ෂ Yvonne Chin මහත්මිය සහයෝගිතා ගිවිසුමට අත්සන් තැබීය.
අගමැති රනිල් වික්‍රමසිංහ, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අැමැති රවී කරුණානායක, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ද, ශ්‍රී ලංකාවේ කැනඩා තානාපති David Mckinnon මහතා සහ ආයතනයේ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)