පාසල් ආරක්ෂාවට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ චක්‍රලේඛයක්…
පාසල් දරුවන් ඇතුළු පාසල් ප්‍රජාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ මහතා 25/2019 දරන විශේෂ චක්‍රලේඛය පසුගියදා නිකුත් කළේ ය.
පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජ්‍ය/සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා සියලු ම පාසල් ප්‍රධානීන් වෙත මෙම චක්‍රලේඛය යවා ඇත.
ආරක්ෂාව සම්බන්ධයෙන් පාසල් ප්‍රජාව දැනුම්වත් කිරීම, ආරක්ෂක කමිටු පිහිටුවීම සහ ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛයෙන් කරුණු දක්වා තිබේ. පාසලේ සියලු කාර්ය මණ්ඩලය, මවුපියන්, ආදි ශිෂ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු නිලධාරින් මෙම ආරක්ෂක වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා පූර්ණ වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව මෙමඟින් අවධාරණය කර ඇත.
25/2019 චක්‍රලේඛයේ සඳහන් කරුණු මෙසේ ය.
1.0- පාසල් ප්‍රජාව දැනුම්වත් කිරීම
සිසුන්ගේ හා කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාව, අනතුරු අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය, අනතුරු හා අවදානම් තත්ත්ව හඳුනා ගැනීම හා වළක්වා ගැනීම ආදිය සම්බන්ධයෙන් අවධානය යොමු කර පාසලේ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කර, ඒ පිළිබඳ පාසලේ සියලු ම කාර්ය මණ්ඩලය, සිසුන්, මවුපියන් හා ආදි සිසුන් දැනුම්වත් කිරීමට කටයුතු කළ යුතු ය.
2.0 – ආරක්ෂක කමිටු පිහිටුවීම
පාසල තුළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක කමිටුවක් හා අනු කමිටු කිහිපයක් විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය, මවුපියන්, ආදි ශිෂ්‍ය සමිති නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පිහිටුවා ගත යුතු ය. මෙම කමිටුවල සමාජික සංඛ්‍යාව පාසල් කළමනාකරණ කමිටුව විසින් තීරණය කළ යුතු අතර, අවශ්‍යතාව පරිදි රැස්වීම් පවත්වා වාර්තා තබා ගත යුතු ය.
3.1- පාසල හා පාසල අවට පරිශ්‍රය පරීක්ෂා කර අවදානම් තත්ත්වයන් නොමැති බවට තහවුරු කර ගත යුතු ය. ඒ සඳහා ඉහත කමිටු හා අදාළ පාර්ශ්ව වෙත නිසි පරිදි වගකීම පවරා ලිඛිතව වාර්තා කර ගැනීමට ක්‍රමවේදයක් අනුගමනය කර පාසලේ විදුහල්පති/නියෝජ්‍ය/සහකාර විදුහල්පතිවරයකු මඟින් සුපරීක්ෂණය කළ යුතු ය.
3.2- පාසලට සිසුන් පැමිණීමේ දී පාසලේ ප්‍රධාන හා අනෙකුත් පිවිසුම් දොරටු ආශ්‍රිතව මාර්ග තදබදය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු ය. මෙහිදී පාසල් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ නම් රථ ගාල් කරනු ලබන ස්ථාන හා වේලාව පිළිබඳ අදාළ රියදුරු මහත්වරුන් දැනුම්වත් කර උචිත වැඩපිළිවෙළක් අනුගමනය කිරීම කළ යුතු ය.
3.3- පාසලට පිවිසෙන්නන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම මෙන් ම ගමන් මලු, පාසල් බෑග් හා අනෙකුත් ද්‍රව්‍ය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පාසල් පරිශ්‍රයට රැගෙන ඒමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු ය.
3.4 – ශ්‍රේණි ප්‍රධාන හා පන්ති භාර ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ පන්ති කාමර තුළ ආරක්ෂාව තහවුරු කර ගැනීම කළ යුතු ය.
3.5- අනවශ්‍ය පරිදි සිසුන් පන්ති කාමරයෙන් බැහැරවීම, පාසල් පරිශ්‍රය තුළ නිකරුනේ ගැවසීම ආදිය වළක්වා ගැනීමට කටයුතු කළ යුතු අතර, නේවාසිකාගාර සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු ය.
3.6- පාසල් සිසුන් ඒකරාශී කර පාසලේ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් හා සිසුන් පාසලෙන් පරිබාහිර ව පැවැත්වෙන වැඩසටහන් සඳහා සහභාගි කරවීම ආදිය අවම කිරීම හා එවැනි අවස්ථාවල සිසුන්ගේ උපරිම ආරක්ෂාව තහවුරු වන පරිදි කටයුතු කිරීම.
3.7- පාසලේ විවේක කාලයේදී හා පාසලේ සිසුන් ඒකරාශී වන උදෑසන රැස්වීම් වැනි අවස්ථාවල ගුරුවරුන්ගේ, ශිෂ්‍ය නායකයන්ගේ මූලිකත්වයෙන් සුපරීක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
3.8- පාසලේ නිරන්තරයෙන් දෛනිකව භාවිත නොකරන ශ්‍රවණාගාර, ක්‍රීඩාගාර හෝ වෙනත් ගොඩනැඟිලිවල සිසුන් ගැවසීම අවම කිරීම හා ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම
3.9- මහජන දිනයේ දී විදුහල්පති හමුවීම, සහතික නිකුත් කිරීම වැනි කාර්යයන් සඳහා පාසල් පරිශ්‍රයට පිවිසීමට අවසර ලබා දීමේ දී සැලකිලිමත් විය යුතු ය.
3.10- හදිසි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සිසුන් හා පාසලේ කර්ය මණ්ඩලය දැනුම්වත් කරන සන්නිවේදන ක්‍රමවේදයක් අනුගමනය කිරීම.
3.11- සිසුන් පාසලෙන් බැහැරවීමේ දී අනවශ්‍ය තදබදයක් ඇතිවීම වළක්වා ගැනීමට ක්‍රමවේද අනුගමනය කිරීම. මේ සඳහා අදාළ ප්‍රවාහන සේවා සපයන ආයතන සමඟ සාකච්ඡා කර සුදුසු පියවර ගැනීම.
3.12- ක්‍රීඩා හා වෙනන් විෂය සමගාමී කටයුතු සඳහා පාසල ආරම්භයට පෙර හෝ පාසල් කාලයෙන් පසුව රැඳී සිටින්නේ නම් ගුරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ කටයුතු කිරීම.
3.13- පාසල් කාලයට පෙර/පසුව බාහිර පුද්ගලයන්ට පාසල් පරිශ්‍රයට පිවිසීම සඳහා ඇති ඉඩ ප්‍රස්ථා අවම කිරීම.
3.14 ක්‍රීඩා පිටි, පාසල් ගොඩනැඟිලි ආදිය බාහිර පාර්ශ්ව සඳහා ලබාදීමේදී පාසලේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම
3.15- හදිසි අවස්ථාවලදී තොරතුරු දැනුම්දීමේ දුරකථන අංක හා අනෙකුත් විධි පිළිබඳ විධිමත් සන්නිවේදන වැඩපිළිවෙළක් සකස් කර සිසුන් හා මවුපියන් වෙත දැනුම්වත් කිරීම.
3.16- පාසලට විවිධ සේවාවන් සපයන පුද්ගලයන්ගේ වාහන, පාසල් කාර්ය මණ්ඩලවල වාහන නිසි පරීක්ෂාවකින් යුතුව පාසල් පරිශ්‍රයට ඇතුළත් කර ගැනීම.
3.17- පාසල් පරිශ්‍රය ශුද්ධ පවිත්‍ර කිරීමට කටයුතු කළ යුතු අතර, භාවිත නොවන ලී බඩු උපකරණ, අබලි ද්‍රව්‍ය ආදිය විධිමත් පරිදි ඉවත් කිරීම හෝ සුදුසු පරිදි ස්ථාන ගත කිරීම හා භාවිත නොකරන ගොඩනැඟිලි වේ නම් ඒ පිළිබඳ සැලකිලිමත් වීම.
3.18- පාසල් පරිශ්‍රය තුළ ආරක්ෂක වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ශිෂ්‍ය භට ඛණ්ඩ භාර නිලධාරි හා ශිෂ්‍ය භට ඛණ්ඩයේ සිසුන්ගේ සහාය ද ලබා ගැනීමට කටයුතු කළ හැකි ය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)