සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පවත්වන සියලු විභාග කල් යයි…
රටේ පවතින හදිසි තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් හෙට (04) සහ අනිද්දා (05) පැවැත්වීමට නියමිතව තිබූ සියලුම විභාග කල් දමන බව අමාත්‍යාංශය මහ ජනතාවට දැනුම් දෙයි.
පරිපූරක වෛද්‍ය සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2018 (දෙවන වාරය), ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය PL – 01 ඒ තොරතුරු සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2019 පළමු වාරය, මහජන සෞඛ්‍ය පරීක්ෂණ සේවාවේ ( II ආ කාණ්ඩයේ ) III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2019 පළමු වාරය, විද්‍යුත් නිකර්පන රේඛන සටහන්කරු හා ඛන්තුරේඛන ශිල්පී III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2019 පළමු වාරය, ශ්‍රී ලංකා තාක්ෂණ සේවාවට අයත් අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන තාක්ෂණික සේවා ගණය (MN-03-2003-A) තනතුරු සඳහා වන දෙවන දෙපාර්තමේන්තු පරීක්ෂණය – 2019 (පළමු වන වාරය), ප්‍රාථමික ශිල්පීය සේවා ගණයේ PL-03-2006(ඒ) I ශ්‍රේණියේ තනතුරු සඳහා වන තුන්වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2019 පළමු වන වාරය ආදී විභාග මෙසේ කල් දැමීමට සිදුව තිබේ.
නැවත පවත්වන දිනයන් පිළිබඳව www.health.gov.lk වෙබ් අඩවියෙන් පසුව දැනුම් දෙන බවට අමාත්‍යාංශය පවසයි.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)