උපාධිධාරීන් 16,000කට රජයේ රැකියා…
තවත් උපාධිධාරීන් 16,000ක් රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගැනීමට තීරණය කර ඇති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අසංක දයාරත්න මහතා පැවසීය.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කර ඇති බවත්, ඒ යටතේ රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගන්නා උපාධිධාරීන් වසරක පුහුණුවකින් පසු රාජ්‍ය සේවයේ ස්ථිර තනතුරුවල පිහිටුවීමට නියමිත බවත් ඒ මහතා පැවසීය.
මෙම නව උපාධිධරයන් 16,000ට අමතරව මීට පෙර බඳවාගත් උපාධිධාරීන් 3,650 දෙනෙකු නුදුරේදීම රාජ්‍ය සේවයේ ස්ථිර තනතුරුවල පිහිටුවන බවත් ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා පැවසීය.
උපුටා ගැනීම: රැස පුවත්පත
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)