වයඹ පළාතේ සියලු පාසල් වල අධ්‍යයන කටයුතු අද යලි අරඹයි…

පළාතේ සියලු පාසල් වල අධ්‍යයන කටයුතු අද (15) දිනයේ යලි ආරම්භ කෙරෙන බව වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ සියලු රාජ්‍ය ආයතනවල කටයුතු ද සුපුරුදු පරිදි අද සිට යලි ආරම්භ වන බවයි.
පසුගියදා ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වයක් හේතුවෙන් වයඹ පළාත සදහා දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය යොදවා තිබුණි. කෙසේවෙතත් ඊයේ (14) පස්වරු 04.00 සිට පස්වරු 06.00 දක්වා පැය දෙකක කාලයක් පනවා තිබූ ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කිරිමට පොලිසිය කටයුතු කළේය.
යලි ඊයේ පස්වරු 06.00 සිට වයඹ පළාත සදහා ඇදිරි නීතිය පැනවීමට පොලිසිය කටයුතු කළ අතර එය අද උදෑසන 06.00න් ඉවත් කෙරුණි. එම නිසා වයඹ පළාත තුළ ජන ජිවිතය සුපුරුදු පරිදි පවත්වාගෙන යන ලෙස ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා ඉල්ලීමක් කරයි. මේ අතර දිවයිනේ සියලු පළාත් සදහා ඊයේ රාත්‍රී 09.00 සිට පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය අද අළුයම 04.00න් අවසන් විය.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)