ISF ලෝක පාසල් පිහිනුම් ශූරතාවලියට සහභාගිවන සිසුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සමූහ ඡායාරූපයක…

2019 මැයි 18 දින සිට මැයි 23 දින දක්වා බ්‍රසීලයේ පැවැත්වෙන ISF ලෝක පාසල් පිහිනුම් ශූරතාවලියට සහභාගිවීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකු ඇතුළත් කණ්ඩායමක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද (15) සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.
මෙම කණ්ඩායමේ ප්‍රධානී තිලක් වත්තුහේවා, කළමනාකරු ආර්.එම්. ක්‍රිෂාන් දුමින්ද, කාන්තා භාර නිලධාරිනි මල්කා ජයසිංහ, පුහුණුකරු ජුලියන් බෝලිං යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම පිහිනුම් කණ්ඩායමට
කොළඹ ආනන්ද විද්‍යාලයේ එස්. සේනාරත්න සහ එස්. මල්ලවතන්ත්‍රි, කොළඹ ගේට්වේ විද්‍යාලයේ එස්.පෙරේරා, මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලයේ සෙවංග ද සිල්වා, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ පී.අරුක්ෂාන්, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ ප්‍රමේෂ් කුරේ, කොළඹ විශාඛා විද්‍යාලයේ ජී. සෙනෙවිරත්න, ආර්.සමරකෝන්, එස්.හේරත්, මහනුවර මහාමායා විද්‍යාලයේ ඩී.ජයවර්ධන, ඕ.වීරසිංහ සහ මීගමුව ගේට්වේ විද්‍යාලයේ එස්. වීරවංශ යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් වේ.
මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් එම්.එන්.රණසිංහ මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර යන මහත්වරුන් ද සහභාගි විය.
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)