Edunews.lk

Top Menu

  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

Main Menu

  • පාසල් පුවත්
  • උසස් අධ්‍යාපන
  • රැකියා පුවත්
  • කාලීන සිදුවීම්
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
  • ක්‍රීඩා
  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

logo

Edunews.lk

  • පාසල් පුවත්
    • දුෂ්කර පාසල්වල සිසුවියන්ට සනීපාරක්ෂක පහසුකම්...

      March 15, 2022
      0
    • ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් වෙයි...

      March 15, 2022
      0
    • පාසල් දරුවන් 60කට බඹර ප්‍රහාරයක්...

      March 14, 2022
      0
    • ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල නිකුත් වෙයි...

      March 14, 2022
      0
    • ජාතික පාසල් පද්ධතියට තවත් පාසල් දහයක්...

      March 8, 2022
      0
    • උසස් පෙළ ප්‍රතිඵල ඉක්මණින් ලබා දී සරසවි ප්‍රවේශ කාලය අඩු කරන බවට ...

      March 2, 2022
      0
    • 2021 සාමාන්‍ය පෙළ විභාග අයදුම්පත්‍ කැඳවීමේ දින දීර්ඝ කරයි...

      February 9, 2022
      0
    • “සිසු ජීවිතයෙන් වසරක් එකහමාරක් ඉතිරි කිරීම ජාතියෙ අනාගතයට කෙරෙන ස්වර්ණමය ආයෝජනයක් ” ...

      February 3, 2022
      0
    • ලබන සඳුදා සිට දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු...

      February 3, 2022
      0
  • උසස් අධ්‍යාපන
    • විශ්වවිද්‍යාලයකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වෙන්න අපේ සිසුන්ගේ ජීවිතයෙන් අඩුම තරමේ ...

      December 30, 2021
      0
    • විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 50%ක් කැඳවීමට අවසර...

      December 30, 2021
      0
    • 2020 වර්ෂයට සරසවි සිසුන් ලියාපදිංචිය ලබන මසයේ දී...

      November 19, 2021
      0
    • පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ට අලුත් තනතුරක්...

      November 3, 2021
      0
    • 2020 උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු අද සවස...

      October 29, 2021
      0
    • විශ්වවිද්‍යාල යළි ඇරැඹීමට උපකුලපතිවරුන්ට අවසර...

      October 27, 2021
      0
    • සිසුන් 200ට අඩු පිරිවෙන්- සීලමාතා අධ්‍යාපන ආයතනත් 21 ඇරඹෙයි...

      October 7, 2021
      0
    • සරසවි සිසුන්ට එන්නත් ලබාදීම ගැන පණිවුඩයක්....

      October 6, 2021
      0
    • විශ්ව විද්‍යාල කඩයිම් ලකුණු ලබන මස මුල

      September 28, 2021
      0
  • රැකියා පුවත්
    • 2016 සිට බඳවා ගැනීම් නොකිරීමෙන් අධ්‍යාපන පරිපාලනයේ පුරප්පාඩු වැඩි වෙලා...

      February 9, 2022
      0
    • රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් ජනවාරියේ සිට ස්ථිර සේවයට...

      November 25, 2021
      0
    • ගුරු විදුහල්පතිවරුන්ට ගුරු දිනයේ දි නිල හැඳුනුම්පතක් …

      October 7, 2021
      0
    • විදුලිකාර්මිකයින් 5000කට ජාතික වෘත්තීය සුදුසුකම

      October 6, 2021
      0
    • අලුතින් රැකියාගත කළ උපාධිධාරීන්ට වැටුප් දෙන්න වසරකට කෝටි 1,063ක්...

      September 13, 2021
      0
    • වසර 24කට පසු ගුරු-විදුහල්පති වැටුප් විසමතා ඉවත් වෙයි...

      July 26, 2021
      0
    • ගුරු-හෙද උපාධියට පනත සංශෝධනය වෙයි...

      July 7, 2021
      0
    • ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම- 2021/2022...

      July 7, 2021
      0
    • රාජ්‍ය සේවකයින්ට වැදගත් පණිවුඩයක්...

      April 26, 2021
      0
  • කාලීන සිදුවීම්
    • ජාතික පාසල් පද්ධතියට තවත් පාසල් දහයක්...

      March 8, 2022
      0
    • අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, රුසියානු උසස් අධ්‍යාපන නියෝජිත පිරිසක් හමුවෙයි...

      March 3, 2022
      0
    • ජපානයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ජපන් භාෂා උපාධි පාඨමාලාවක්...

      December 28, 2021
      0
    • සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්...

      November 29, 2021
      0
    • කිරි ගවයන් ඇතුළු ගෘහාශ්‍රිත සතුන් පිළිබඳ දත්ත ගබඩාවක්...

      November 29, 2021
      0
    • පෙරපාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂණය ….

      November 29, 2021
      0
    • අවුරුදු 20ට වැඩි පිරිසටත් බූස්‍ටර් එන්නත...

      November 25, 2021
      0
    • රියදුරු බලපත්‍ර විභාගයත් විභාග දෙපාර්තමේන්තුවෙන්...

      November 19, 2021
      0
    • වසර 580කට පසු දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණය අද...

      November 19, 2021
      0
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
    • මැලේරියාවෙන් ජීවිත බේරාගැනීමට වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රාතිහාර්යක්...

      October 8, 2021
      0
    • ශ්‍රී ලංකාවේ උරුමය ලොවට ගෙනගිය සෙනරත් පරණවිතාන

      October 6, 2021
      0
    • ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වෙයි..

      October 5, 2021
      0
    • 2021 නව වසර උදා වෙයි...

      January 1, 2021
      0
    • පරිසර හිතකාමී සේදුම් දියරයක්...

      December 30, 2020
      0
    • සිරිපා සමය ඇරඹේ-උඳුවප් පෙහොය අදයි

      December 29, 2020
      0
    • වසංගත සිහිගන්වන මුද්දර

      April 8, 2020
      0
    • ඉදිරියේදි ආහාර හිඟයක් ඇති ‌වෙයිද?

      April 4, 2020
      0
    • දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

      March 28, 2020
      0
  • ක්‍රීඩා
    • පාසල් මට්ටමින් ටයිකොන්ඩෝ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට වැඩපිළිවෙලක්...

      October 27, 2021
      0
    • ශ්‍රී ලංකා පිල පළමු කඩුල්ල පැන ගනී නැමීබියාවට එරෙහිව කඩුලු 7ක ජයක්

      October 19, 2021
      0
    • බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

      October 18, 2021
      0
    • ඔබ්සර්වර් එස්එල්ටී මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් තරු සොයා යෑම ඇරඹෙයි...

      October 6, 2021
      0
    • පාසල් රග්බි පිටියට තීරකවරුන් - විනිසුරන් සොයන්න ඔන්ලයින් පාඨමාලාවක්...

      September 16, 2021
      0
    • ඉන්දියාවට වඩා ඉහළ දස්කම් දැක්වූ මිල්කා ජිම්නාස්ටික් බලාපොරොත්තු ඉහළ දමයි...

      July 26, 2021
      0
    • ආසියා කාන්තා මී. 800 වේගවත්ම හතර අතර අපේ ක්‍රීඩිකාවෝ තිදෙනෙක්...

      December 31, 2020
      0
    • විරාත් කෝලිට විශේෂ සම්මාන දෙකක්...

      December 29, 2020
      0
    • කාන්තා රිටි පැනීමේ ජාතික වාර්තාව අලුත් කෙරේ...

      December 29, 2020
      0
  • දුෂ්කර පාසල්වල සිසුවියන්ට සනීපාරක්ෂක පහසුකම්…

  • ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් වෙයි…

  • පාසල් දරුවන් 60කට බඹර ප්‍රහාරයක්…

  • ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල නිකුත් වෙයි…

  • ජාතික පාසල් පද්ධතියට තවත් පාසල් දහයක්…

  • අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, රුසියානු උසස් අධ්‍යාපන නියෝජිත පිරිසක් හමුවෙයි…

රැකියා පුවත්
Home›News›රැකියා පුවත්›උපාධිධාරීන් 22000ක් ඉදිරියේ දී බඳවා ගැනීමට යයි…

උපාධිධාරීන් 22000ක් ඉදිරියේ දී බඳවා ගැනීමට යයි…

By Publisher ISH
May 29, 2019
3303
0
Share:

ඉදිරියේ දී උපාධිධාරීන් 22000ක් බඳවා ගැනීමට කටයුතු කරන බවත් ඉන් කොටසක් උතුරු-නැඟෙනහිර ප්‍රදේශයන්ට යොමු කර සංවර්ධන කටයුතු සඳහා දායක කරවීමට බලාපොරොත්තු වන බවත් අගමැති රනිල් වික්‍රමසංහ මහතා පැවසීය.

අගමැතිවරයා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී ඊයේ (27) පැවැති ‘ තල් සංවර්ධන අරමුදල’ ස්ථාපිත කිරීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

‘ තල් සංවර්ධන අරමුදල’ සඳහා ලැබෙන මුදල් යුද්ධයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල සංවර්ධන කාර්යයන් සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් මඟින් යෙදවීමට කටයුතු කරන අතර එම සංවර්ධන කාර්යයන්ට අමතරව මත්පැන්වලට ඇබ්බැහිවීම , තරුණ සේවා වියුක්තිය , සිවිල් සමාජය ආරම්භ කරන ලද උපදේශන හා උපකාරී වැඩසටහන් සඳහා ද මෙම අරමුදල් යෙදවීමට කටයුතු කෙරේ.

ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු , නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන , උතරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් වී. සිවඥානසෝති මහතා ‘තල් සංවර්ධන අරමුදල’ යෝජනාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා වෙත ප්‍රඳානය කිරීම සිදු විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසංහ මහතා මෙසේද පැවසුවේය.

තල් අරමුදල පිහිටුවීම සිදු කිරීම නිසා අද විශේෂ දවසක් වෙනවා. උතුරු නැඟෙනහිර ප්‍රදේශ වල සංවර්ධනය සඳහා මුදල්වෙන් කරන්න කියා ඒ ප්‍රදේශයේ මන්ත්‍රීවරු විශේෂයෙන් ඉල්ලීම් කර තිබුණා. මුදල් අමාත්‍යංශය මඟින් මෙම තල් අරමුදල සම්බන්ධව අය-වැය යෝජනාව සකස් කළා. ඒ ඒ ප්‍රදේශවල මන්ත්‍රීතුමන්ලා සංවර්ධනය සඳහා වන තම තමන්ගේ යෝජනා ඉදිරිපත් කරන විට ඒවාට අනුව මුදල් ලබාදීමට මේ අරමුදල හරහා අපට හැකියාව ලැබෙනවා.මේ සම්බන්ධ කටයුතු ඉතා ඉක්මනින් පාර්ලිමේන්තු පණතක් මඟින් සිදු කරනවා. එම ප්‍රදේශවල ආර්ථික සහ සමාජීය සංවර්ධනය සඳහා මෙම තල් අරමුදල දියත් කිරීම සිදු කරනවා.

අයවැය යෝජනාවන්ගෙන් මේ අරමුදල ආරම්භ කරන්න මුදල් වෙන් කිරීම සිදු කළා. ඒ අනුව විශේෂයෙන්ම ඒ ප්‍රදේශ වල සංවර්ධන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලැබෙනවා.

සම්බන්දන් මහතා ප්‍රකාශ කළ ආකාරයට මෙම අරමුදල බිලියන 2.5 කින් ආරම්භ කරනවා. පෞද්ගලික අංශය, ඩයස්පෝරාව සහ ශ්‍රී ලංකා රජය දායකත්වය ද ඒ සඳහා ලබා ගන්නවා.

අද මෙම ව්‍යාපෘතිය හරහා බිලියන 2.5 ක් වෙන් කරන බව මම මතක් කරනවා. ඉතිරි බිලියන 2.5 ක මුදල ඉදිරියේදී ලබා දීම සිදු කරනාව. ඒ සමග ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ බිලියන 7ක් මේ ප්‍රදේශ සඳහා වෙන් කර තිබෙනවා. මේ වසර අවසන් වන විට මේ උතුර , නැඟෙනහිර ප්‍රදේශ වෙනුවෙන් සම්පූර්ණයෙන්ම බිලියන 50 ක් පමණ ප්‍රාග්ධන වියදම් වෙන් කර තිබෙනවා .

නිවාස 4750 ක ප්‍රමාණයක් මේ වන විටත් ඉදි කිරීම් ආරම්භ කර තිබෙනවා , නිවාස 5250 ක් ඉදිරි මාස දෙක ,තුන ඇතුළත සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. තාක්ෂණය පදනම් කරගනිමින් නිවාස 7000 ක් ද සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා.ඊට අමතරව එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ද උතුර සහ නැඟෙනහිර ප්‍රදේශ වල කුඩා ව්‍යාපාරිකයන් සඳහා නිවාස සාදා ගැනීමට වැඩපිළවෙළක් සිදු වෙනවා.උපාධිධාරීන් 22000 ක් ඉදිරියේ දී බඳවා ගැනීමට කටයුතු කරනවා. ඉන් කොටසක් මේ ප්‍රදේශ සඳහා ද යොමු කරනවා.උතුරු නැඟෙනහිර ප්‍රදේශවලට යුද්ධය නිසා ඇති වූ හානිය විශේෂයෙන් පැවසිය යුතු නැහැ. අප මේ ප්‍රදේශවල සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ එම නිසායි.මේ සියලු කටයුතු හරහා උතුර , නැඟෙනහිර සංවර්ධනය කරන්න කටයුතු කරනවා. යුද්ධයෙන් විනාශයට පත් වූ මෙම ප්‍රදේශ නැවත සංවර්ධනය ක්‍රියාවන් සඳහා මුදල් වෙන් කර තිබෙනවා. තල් සංවර්ධන අරමුදල හරහා ද වේගවත් ආර්ථික සංවර්ධනයක් ලබා ගන්න හැකි වෙයි කියා හිතනවා. ඒ සඳහා ඉක්මනින්ම එම කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ සමඟ රටේ අනිකුත් පළාත් වලත් දියුණුව සඳහා මුදල් වෙන් කර තිබෙනවා. ඒ වෙනුවෙන් මුදල් අැමැති මංගල සමරවීර මහතා කටයුතු කරනවා.මේ අනුව විශාල වැඩ කොටසක් මේ අවුරුද්දේ බාරගෙන තිබෙනවා. ඉන් පළමුවෙන්ම වෙන් කරලා තිබෙන මුදල් හැම සතයක්ම වියදම් කර ආර්ථිකයට තව මුදල් එකතු කර ගැනීමට අප විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා.

මුදල් අැමැති මංගල සමරවීර මහතා-

අද මෙම තල් සංවර්ධන අරමුදල පිහිටුවීමට ලැබීම පිළිබඳව සතුටු වෙනවා.අයවැය යෝජනාවක් ලෙස මෙය ඉදිරිපත් කළා. උතුරු නැඟෙනහිර ප්‍රදේශ වල සංවර්ධන ක්‍රියාවන් වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට මේ හරහා හැකියාව ලැබෙනවා. මෙම සියලු කටයුතු හරහා ආර්ථික සංවර්ධනය ඇති කිරීමට ආණ්ඩුව විශ්වාස කරනවා. සියලු ශ්‍රී ලාංකිකයන් මෙම සංවර්ධන කටයුතු වල කොටස්කරුවන් වෙනවා. මෙම අරමුදල පිහිටුවීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්දන් මහතා යෝජනාව ඉදිරිපත් කලා. අපි එයට එකඟතාවය පළ කළා. ආණ්ඩුව, පෞද්ගලික අංශයේද සහය ඇතිව ඒ සඳහා මුදල් වෙන් පරිත්‍යාග කරනවා. අද දිනයේ බිලියන 2.5 ක මුදලක් පරිත්‍යාග කිරීම සිදු කරනවා. ඉක්මනින්ම පාර්ලිමේන්තු පනතකින් මෙම අරමුදල ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි මාස දෙක තුන ඇතුළත එය සිදුකරන්නට බලාපොරොත්තු වෙනවා. උතුරු නැඟෙනහිරි පළාත් වල තිබෙන ප්‍රශ්න විසඳීම සඳහා අප ආණ්ඩුව කැපවී ක්‍රියා කරනවා. ඒ හරහා එම ප්‍රදේශ ද නැවත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා –

අද දිනයේ මෙම තල් සංවර්ධන අරමුදල වැඩසටහන පිහිටුවීම ගැන සතුටු වෙනවා. යුද්ධයෙන් පසුව උතුරු ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදු වෙමින් පවතිනවා. උතුරු , නැඟෙනහිර ප්‍රදේශ සඳහා ඉතාම ශක්තිමත් සංවර්ධන වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා අවශ්‍ය සංවර්ධන කටයුතු අද සිදු වෙමින් පවතිනවා. අද තල් අරමුදල දියත් කිරීම සිදු කරනවා. එම ප්‍රදේශ වල හැම දිස්ත්‍රික්කයකම ජීවත් වන ජනතාව සඳහා අප වැඩසටහන් සිදු කර තිබෙනවා. මෙම තල් අරමුදල වැඩසටහන යටතේ බිලියන 5 ක මුදලක් ලබාදීමට කටයුතු කරනවා. මේ වනවිට ඉන් බිලියන 2.5 ක් වෙන් කර තිබෙනවා. බිලියන 2.5 ක් ලෙස තිබූ මෙම මුදල් ප්‍රමාණය අයවැය යෝජනාව මඟින් බිලියන 05 දක්වා වැඩි කළා. අද ඉන් බිලියන 2.5 ක මුදල ලබාදීම සිදු කරනවා. යාපනය , මන්නාරම , වව්නියාව , මුලතිව් , කිලිනොච්චිය , ත්‍රිකුණාමලය , මඩකලපුව , අම්පාර සඳහා බිලියන 01 බැඟින් ලබාදීමට කටයුතු කරනවා. ඒ ප්‍රදේශ වල අර්ථවත් සංවර්ධන කාර්යයන් සඳහා එම මුදල් වැය කිරීමට හැකියාව ලැබෙනවා. මෙම කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කර ඉක්මනින්ම අවසන් කළ යුතු වෙනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම කටයුතු පිළිබඳව හොඳින් සොයා බලමින් ඒ සඳහා සහයෝගය ලබා දීම සිදු කරනවා. ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එස්. අඩෙක්කලනාදන් මහතා –

මෙම ව්‍යාපෘති සිදු කිරීම පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිවන්ත වෙනවා.උතුර නැඟෙනහිර වෙනුවෙන් සංවර්ධන වැඩසටහන් රාශීයක් සිදු කරනවා.මේ ප්‍රදේශ වල ජීවත් වන ජනතාව රැකබලා ගැනීම සඳහා අපට වගකීමක් තිබෙනවා. ඒ සඳහා ආණුඩුවට උදව් කරනවා.යුද්ධය නිසා ගොඩක් කර්මාන්ත විනාශයට ලක් වුණා. නැවත ආරම්භ කිරීමට හැකි යම් කර්මාන්තයන් ඒ අතරින් අපි හඳුනාගෙන තිබෙනවා.

ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු , නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන , උතරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් වී. සිවඥානසෝති මහතා –

ගම්පෙරළිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උතුරු පළාත් සංවර්ධනය සඳහා බිලියන 3.4 ක් සහ නැඟෙනහිර පළාත සංවර්ධනය සඳහා බිලියන 3.6 ක් වෙන් කර තිබෙනවා. අද දිනයේ තල් සංවර්ධන අරමුදල පිහිටුවීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අැමැති මංගල සමරවීර මහතා මංගල සමරවීර මහතා යටතේ සිදු කෙරෙනවා. මේ යටතේ බිලියන 5 ක මුදලක් වසර 2 ක් තුළ ක්‍රියාත්මක කරනවා. එමඟින් උතුරු , නැඟෙනහිර සංවර්ධනය සඳහා මුදල් වෙන් කිරීම සිදු කරනවා.

ඩී. ශ්‍රීධරන් මහතා සහ අධ්‍යාපන රාජ්‍ය අැමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය ද මෙහිදී අදහස් පළ කළහ.

 

 

උපුටා ගැනීම: දිනමිණ

 

Previous Article

විද්‍යාපීඨ සඳහා නවක සිසුන් බඳවා ගැනේ…

Next Article

රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සම්මුඛ පරීක්ෂණය ...

0
Shares
  • 0
  • +
  • 0
  • 0
  • 0
  • 0

Publisher ISH

Related articles More from author

  • රැකියා පුවත්

    හෙද සේවාවට අලුතින් 1603 දෙනෙකු බදවා ගැනේ…

    August 7, 2019
    By Mokshi MT
  • රැකියා පුවත්

    උපා­ධි­ධා­රීන්ට ගුරු පත්වීම් 18,000ක්

    February 15, 2020
    By Publisher SP
  • රැකියා පුවත්විභාග

    කාර්මික නිලධාරීන් සහ රබර් ව්‍යාප්ත නිලධාරීන් බඳවා ගැනීමේ විභාගය 25 දා…

    May 20, 2019
    By Publisher ISH
  • රැකියා පුවත්

    උපාධිධාරීන්ට පත්වීම් ලිපි ‌බෙදා අවසන් 45,585කට රැකියා…

    March 3, 2020
    By Publisher WH
  • රැකියා පුවත්විභාග

    විභාග දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග දෙකක් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරයි…

    June 6, 2019
    By Publisher ISH
  • පාසල් පුවත්රැකියා පුවත්

    රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරි අභ්‍යාසලාභීන්ගෙන් 15,000ක් පාසල් අධ්‍යාපන පද්ධතියට…

    June 25, 2020
    By Publisher ISH

Leave a reply Cancel reply

You may interested

  • කාලීන සිදුවීම්රැකියා පුවත්

    කාන්තා ව්‍යවසායකයින්ට ඩිජිටල් සවිය…

  • රැකියා පුවත්

    මධ්‍යම පළාත් ගුරු සේවයට නවක උපාධිධාරී 200 ක්…

  • කාලීන සිදුවීම්

    අලුත් අවුරුදු නැකැත් සීට්ටුව චාරිත්‍රානුකූලව ජනපතිට පිළිගන්වයි…

Sponsored

  • Sponsoredඋසස් අධ්‍යාපනපාසල් පුවත්

    හරියට කළොත් ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථකයි…

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යාපන විද්‍යා අංශයේ මහාචාර්ය සකුන්තලා යටිගම්මන ඒකනායක අවබෝධය තමා වැදගත්ම දේ වඳුරාට දැළි පිහිය අහු වුණා වගේ වෙන්න එපා හැම දේම ගැන වපර ඇසින් නොබලන්න කොවිඩ් ...
  • SponsoredVideosවිශේෂාංග

    දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

    අද වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ Covid-19 හෙවත් නව කොරෝනා වෛරසය පිලිබදවයි. ඒ එම වෛරසය ලොව පුරා රටවල් ආක්‍රමණය කරන පසුබිමකයි. නමුත් මෙය ලෝකයටම තර්ජනයක් වූ එකම වසංගතය නොවන ...
  • Sponsoredවිශේෂාංග

    සියයට එකසිය විස්සක් ආයු බල වඩන කිරිබතේ ගුණ වරුණ

    සුබ නව වසරකට සිදු කෙරුණු සුබ පැතුම් , සැමරුම්, ආශිර්වාද, පිරිත් පිංකම් සහ කැවුම්, කිරිබත් මධ්‍යයේ ව්‍යවහාරික ක්‍රමයට 2019 වසර ගෙවී ගොස් නව වසරක්, නව දශකයක් උදා විය. ලෝකයේ නව ...
  • Sponsoredවිශේෂාංග

    ගණ­දෙවි නුවණ පහළ වෙන්න මතු­රපු පෑන් වෙනු­වට, දරු පැට­වුන්ට ලුණු­විල දෙන්න

    විද්‍යා­ත්ම­කව Bacopamonnieri නමින් හඳු­න්වන ලුණු­විල, වගුරු බිම්වල සහ මිරි­දිය ජලාශ, ජල ප්‍රවාහ ආශ්‍රි­තව බිම දිගේ වැතිර වැවෙන මාංශ­ල­මය කඳක් සහ පත්‍ර සහිත පැළෑ­ටි­යකි. එය දකුණු – නැඟෙ­න­හිර ආසි­යා­තික රට­ව­ල්ව­ලට සහ ...
  • Recent

  • Popular

  • Comments

  • දුෂ්කර පාසල්වල සිසුවියන්ට සනීපාරක්ෂක පහසුකම්…

    By Publisher WH
    March 15, 2022
  • ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් වෙයි…

    By Publisher WH
    March 15, 2022
  • පාසල් දරුවන් 60කට බඹර ප්‍රහාරයක්…

    By Publisher WH
    March 14, 2022
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    By Publisher WH
    August 30, 2019
  • Sachintha Kaumadi
    on
    June 28, 2021

    ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…

    Certificates of the courses ...
  • K.H.A.Shehani Divyanjalee
    on
    June 4, 2021

    පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    2020 A/L සදහා කලා ...
  • rxi college
    on
    April 20, 2021

    සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ

    2021 උසස් පෙළ නේවාසික ...

Find us on Facebook

Timeline

  • March 15, 2022

    දුෂ්කර පාසල්වල සිසුවියන්ට සනීපාරක්ෂක පහසුකම්…

  • March 15, 2022

    ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් වෙයි…

  • March 14, 2022

    පාසල් දරුවන් 60කට බඹර ප්‍රහාරයක්…

  • March 14, 2022

    ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල නිකුත් වෙයි…

  • March 8, 2022

    ජාතික පාසල් පද්ධතියට තවත් පාසල් දහයක්…

Follow Us on Instagram

Edu News is a sub-service of Mytutor.lk; Updating you with numerous & latest educational news in Sri Lanka.

Though this news portal you’re enriching with news related to Schools, Higher Education, Career and some other news related to Events.

Contact us

  • Mytutor.lk (Private) Limited
    No. 386 B/2, Kandy Road, Kurunegala, Sri Lanka.
  • +94 37 45 02507
  • info@edunews.lk
  • Recent

  • Popular

  • Comments

  • දුෂ්කර පාසල්වල සිසුවියන්ට සනීපාරක්ෂක පහසුකම්…

    By Publisher WH
    March 15, 2022
  • ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් වෙයි…

    By Publisher WH
    March 15, 2022
  • පාසල් දරුවන් 60කට බඹර ප්‍රහාරයක්…

    By Publisher WH
    March 14, 2022
  • ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල නිකුත් වෙයි…

    By Publisher WH
    March 14, 2022
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා වැඩසටහනට තෝරා ගත් උපාධිධාරීන්ට රජයෙන් දැනුම්දීමක්…

    By Publisher ISH
    August 14, 2020
  • පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    By Publisher WH
    August 30, 2019
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • Sachintha Kaumadi
    on
    June 28, 2021

    ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…

    Certificates of the courses ...
  • K.H.A.Shehani Divyanjalee
    on
    June 4, 2021

    පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    2020 A/L සදහා කලා ...
  • rxi college
    on
    April 20, 2021

    සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ

    2021 උසස් පෙළ නේවාසික ...
  • Saumaya sandamali
    on
    February 17, 2021

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    A/l ayata kawadda job ...

Follow us

  • Home
  • About Us
  • Contact Us
© Copyright 2011 - 2019 All rights reserved - Mytutor.lk (Private) Limited