ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය එංගලන්තයට…

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (30) සමත් වුණි. ඒ තරගාවලියේ පලමු තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 104කින් පරාජයට පත් කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකා නායක ෆෆ් ඩුප්ලේසිස් ප්‍රතමයෙන් පන්දුවට පහර දීමට එංගලන්තයට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු පුවරුව එක් ලකුණක් ලෙස සටහන් වන විට දවා ගැනීමට ඉම්රාන් තහීර් සමත් වුණි.
ඉන්පසු පිටියට එක්වූ ජේසන් රෝයි,ජෝ රූට් සමඟ එක්ව දෙවන කඩුල්ලට ලකුණු 106 අගනා සබඳතාවක් ගොඩ නැගුවේ එංගලන්ත ඉනිම ශක්තිමත් කරමිනි. ජේසන් රෝයි ලකුණු 54ක් රැස් කරගත් අතර ජෝ රූට් ලකුණු 51ක් රැස් කරගත්තේය.
අනතුරුව එංගලන්ත ඉනිම තවත් ශක්තිමත් කරමින් බෙන් ස්ටෝක්ස් සහ නායක ඔයින් මෝගන් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 106ක සබඳතාවක් ගොඩ නැගුවේය.
එංගලන්ත පිලේ පසුපෙල පිතිකරුවන් යම් අසාර්ථක බවක් පෙන්නුම් කළත් ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවි රැස් කළ ලකුණු සංඛායව 311කි.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ බෙන් ස්ටෝක්ස් පන්දු 79කදී ලකුණු 89ක් රැස් කළේය. නායක ඔයින් මෝගන් ලකුණු 57යි. පන්දු යැවීමේදී ලුන්ගි ඉන්ගිඩි ලකුණු 66කට කඩුළු 3ක් දවාගත්තේය.
ලකුණු 312ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 39 යි පන්දු 5 කදී සියලු දෙනා දැවි රැස් කරගත හැකි වූයේ ලකුණු 207ක් පමණකි.
එහිදී දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන හෂීම් අම්ලාගේ හිස් ආවරණයේ ජොෆ්රා ආචර් යැවූ පන්දුවක් වැදීම හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු වුණි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්වන්ටන් ඩි කොක් ලකුණු 68ක් රැස් කළේය.
රසී වැන් ඩසෙන් ලකුණු 50යි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කොදෙව් සම්භවයක් ඇති එංගලන්ත ක්‍රීඩක ජොෆ්ර ආචර් ලකුණු 27කට කඩුළු 3ක් දවා ගත්තේය.
බෙන් ස්ටෝක්ස් ලකුණු 12ට කඩුළු 3යි. පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ ස්ටෝක්ස් විශිෂ්ට උඩපන්දුවක් රැක ගනිමින් පන්දු රකින්නෙක් ලෙසද කණ්ඩායමට සිය යුතුකම් කොටස ඉටු කළේය. එම දස්කම් හේතුවෙන් බෙන් ස්ටෝක්ස් තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබුවේය.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)