සංචාර සහ ව්‍යාපාර සඳහා විවෘත වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය…

2020 වසරේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සංචාරකයන්ට විවෘත කිරීමට නාසා ආයතනය අවසර ලබා දී තිබේ.
සංචාර සහ වෙනත් ව්‍යාපාර සඳහා අභ්‍යවකාශ මධ්‍යස්ථානය විවෘත කරන බව ද නාසා ආයතනය නිවේදනය කළේය.
වසරකට දෙවරක් පමණ ගගනගාමීන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ කෙටි ක්‍රියාන්විතවල යෙදීමට නියමිත බව එහි නියෝජ්‍ය අධ්යක්ෂ රොබින් ගේටන්ස් පැවසීය.
අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පළමු කොටස කක්ෂගත කෙරුණේ 1998 වසරේදීය. 2011 වසරේ නොවැම්බර් මස සිට ගගනගාමීන් නොකඩවා එහි රැඳී සිටියි.
“නාසා ආයතනය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙළෙඳ අවස්ථා සඳහා විවෘත කරනවා. අපි කවදාවත් මේ වගේ දෙයක් කරලා නැහැ,” ප්‍රධාන මූල්‍ය නිලධාරී ජෙෆ් ද විට් පැවසුවේය.
පෞද්ගලික ගගනගාමීන්හට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සංචාරය කිරීම සඳහා දින 30කට ආසන්න කාලයකට අවසර ලැබෙන බව නාසා ආයතනය නිවේදනය කරයි. නමුත් සංචාරකයන් රැගෙන යනු ලබන්නේ ඇමරිකානු අභ්‍යවකාශ යානාවක පමණි.
පෞද්ගලික ව්‍යාපාර කණ්ඩායම්වලට ඇතුළු වන පිරිස තීරණය කළ යුත්තේ අදාළ සමාගම් වන අතර, පෞද්ගලික ගගනගාමීන් අභ්‍යවකාශ ගමනට අවශ්‍ය පුහුණුව ලබා සිටිය යුතු අතර යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවිය යුතුය.
මෙම ගමන් සඳහා සමාගම් දෙකකින් යානා බදු ගැනීමට නාසා ආයතනය ක්‍රියා කර තිබේ. එලන් මස්ක් හිමිකම් කියන SpaceX සහ බෝයිං ආයතනය නිපදවන ස්ටාර්ලයිනර් (Starliner) එම යානා දෙකය.
මින් පෙර, සියලු වෙළෙඳ කටයුතු සඳහා මෙන්ම පෞද්ගලික ගගනගාමීන් ලාභ ලැබීම සඳහා සිදු කරන පරීක්ෂණ සඳහා අභ්‍යවකාශ මධ්‍යස්ථානය යොදා ගැනීම සම්පූර්ණයෙන් තහනම් කර තිබිණි.
කෙසේවෙතත්, අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අයිතිය ඇත්තේ නාසා ආයතනයට නොවන අතර, රුසියාව සමග එක්වී 1998දී එය ගොඩනගා තිබේ.
ඇමරිකානු ව්‍යාපාරික ඩෙනිස් ටිටෝ රුසියාවට ඩොලර් මිලියන 20ක් ගෙවීමෙන් පසු 2001 දී අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය පළමු සංචාරකයා බවට පත් විය.
2024 වන විට නැවත සඳ මතට ගොඩබැසීමට සැලසුම් කර තිබෙන බව ද නාසා ආයතනය හෙළි කළේය. මෙවර ගමනට කාන්තාවක් එක් කර ගැනීමට ද ඔවුන් සැලසුම් කර තිබේ.
උපුටා ගැනීම: උපුටා ගැනීම: BBC පුවත්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)