වධක තනතුරට අයදුම්පත්‍ර 79ක් – දෙදෙනෙකුට අවස්ථාව…

වධක තනතුරු සඳහා බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන 21 සහ 22 යන දිනයන්හි පැවැත්වීමට නියමිත බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදී එම සම්මුඛ පරික්ෂණ පැවැත්විමට නියමිත බවයි.
අමෙරිකානු ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් 102කු වධක තනතුරු සඳහා අයදුම්කර තිබු අතර ඒවා සළකා බැලීමෙන් අනතුරුව සම්මුඛ පරික්ෂණ සඳහා අයදුම්පත් 79ක් තෝරාගත් බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
එම අයදුම්කරුවන් 79 දෙනා අතරින් වධක තනතුරු සඳහා සුදුසු පුද්ගලයින් දෙදෙනෙකු තෝරා ගැනීමට නියමිතයි.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)