ඉදිරියේ දී ප්‍රාථමික සහ ද්විතීයික ශ්‍රේණිවල දරුවන්ට ද ටැබ්…
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ ඉදිකළ ගිරිඋල්ල රත්නාලංකාර මහා විද්‍යාලයේ ද්විතීයික කණිෂ්ඨ විද්‍යාගාරය සහ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසුවේ අධ්‍යාපන පද්ධතිය දේශපාලනයෙන් මුදා ගත යුතු බවත්, අධ්‍යාපනයේ සියලු පත් කිරීම් සුදුස්සන්ටම ලබාදීම තම ප්‍රතිපත්තිය බවත් ය.
උසස් පෙළ හදාරන සිසුන්ට සහ ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන්ට මෙම වසරේ දී කෙසේ හෝ ටැබ් පරිගණක ලබාදීමට පියවර ගන්නා බව පැවසූ අමාත්‍යවරයා, අනාගතයේ දී පහළ ශ්‍රේණිවල දරුවන්ට ද ටැබ් පරිගණක යොදා ගනිමින් අධ්‍යයන කටයුතු කිරීමට ද සිදුවනු ඇති බව ද සඳහන් කළේය.
මීට අමතරව ගිරිඋල්ල කලාපයට අයත් කඩහපොල මහා විද්‍යාලය, පොල්ගහයාය මුස්ලිම් ම.වි., මැටියගනේ ම.වි., පරනගම ප්‍රා.වි,බෝයවලාන ම.වි, වෑවල ප්‍රා.වි., වෙන්නරුව විජයබා මහා විද්‍යාලයේ ඉදිකිරීම් නිමකර ඇති ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන විවෘත කිරීම් ද ගරු අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි.
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)