උසස් පෙළ පාඩම් මාලාව අනිද්දා (4) සිට…
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යාපන සේවය හා දිනමිණ පුවත්පත ඒකාබද්ධව 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් උදෙසා ගෙන එන ‘ගුවන් විදුලි සම්මන්ත්‍රණ මාලාව – 2019’ විභාග උපකාරක පාඩම් මාලාව අනිද්දා (04) සිට දිනමිණ පුවත්පතේ පළ කිරීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව ජූලි මස 04, 05 දිනවල සිංහල ද 08, 09, 10 දිනවල ඉංග්‍රීසි ද, 11, 12 දිනවල දේශපාලන විද්‍යාව ද, 15, 17 දිනවල ජීව විද්‍යාව ද 18 වැනිදා ජනසන්නිවේදනය ද 19, 22 දිනවල බෞද්ධ ශිෂ්ටාචාරය ද, වශයෙන් ප්‍රශ්න පත්‍ර පෙළ කොටස් වශයෙන් පළ කිරීමට නියමිතය.
ප්‍රශ්න පත්‍රවලට අදාළ ගුවන් විදුලි වැඩසටහන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයේ අධ්‍යාපන සේවයෙන් ප.ව. 3.00 සිට ප.ව. 4.00 දක්වා එෆ්.එම්. 91.9 ඔස්සේ දිනපතා සවන් දිය හැකිය. ජූලි මස 8, 9, 10 දිනවල සිංහල, 11, 12, 13 ඉංග්‍රීසි, 14, 15, 17 දේශපාලන විද්‍යාව, 18,19, 20 ජීව විද්‍යාව, 21, 22, 23 සන්නිවේදනය සහ 24, 25, 26 දිනවල බෞද්ධ ශිෂ්ටාචාරය යන ප්‍රශ්න පත්‍ර ගුවන්විදුලිය ඔස්සේ සාකච්ඡා කිරීමට ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යාපන සේවය කටයුතු යොදා ඇත.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)