නානුඔය-සිංගල් ට්‍රී කන්ද-ග්‍රෙගරි වැව කේබල් කාර් ව්‍යාපෘතියක්…

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස නානුඔය සිට සිංගල් ට්‍රී කන්ද හා ග්‍රෙගරි වැව දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භකේරේ. මේ සඳහා සීමාසහිත අවුට්ඩෝර් ඉංජිනියරින් ලංකා පුද්ගලික සමාගම හා එහි විදේශීය හවුල්කරුවන් වන ඩොපෙල්මේ කේබල් කාර් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹීමට රජය තීරණය කරයි.
වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. නුවරඑළිය ප්‍රදේශය සඳහා වන දෙස් විදෙස් සංචාරක ආකර්ශනය තවදුරටත් ඉහළ නැංවීමේ පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා සීමාසහිත අවුට්ඩෝර් ඉංජිනියරින් ලංකා පුද්ගලික සමාගම හා එහි විදේශීය හවුල්කරුවන් වන ඩොපෙල්මේ කේබල් කාර් සමාගම ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 50ක පමණ ආයෝජනයක් යටතේ නානුඔය දුම්රිය ස්ථානය, නුවරඑළිය තුරඟ තරග පිටිය සහ සිංගල් ට්‍රී කඳු මුදුන යා කරමින් කුලුනු 21ක් මත ගොඩනැඟීමට යෝජිත මෙම ව්‍යාපෘතිය මගීන් 10 දෙනකුට ගමන් කළ හැකි කුටි 86කින් සමන්විත වන අතර, එහි පළමු අදියර යටතේ කුටි 43ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
උපුටා ගැනීම: දිනමිණ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)