ශිෂ්‍යත්වය අහෝසි කිරීමට තීරණයක්…

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණයක් ගෙන ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. මේ අතර ගිරිතලේ පුරාණගම ධර්ම විජයාරාම විහාරස්ථානයේ ඉදිකළ පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද නාහිමි අනුස්මරණ ධර්ම ශාලාව සහ ශ්‍රවනාගාරය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. ධර්ම විජයාරාමය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් මහත් සෙනෙහසින් පිළිගත්තා. අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා කියාසිටියේ බෞද්ධ දර්ශනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සෑම පියවරක්ම ගන්නා බවයි. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රදේශයේ ක්‍රීඩා සමාජ 15 ක් සදහා ක්‍රීඩා උපකරණ ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් අටක් වෙනුවෙන් ඉදිකළ නිවාසවල හිමිකම්පත් ද මෙහිදී පිරිනැමුණා. නැගෙනහිර පොළොන්නරුව තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය උඩගම ශ්‍රී ධම්මානන්ද. ගිරිතලේ ධර්මවිජයාරාමාධිපති පූජ්‍ය ලියන්ගස්වගුරේ චන්ද්‍රජෝති යන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයද විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර ගිරිතලේ ශ්‍රී අග්‍රබෝධි විහාරයේ අභිනව දහම් පාසල් සහ පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතින්.
අලුත්ඔය විද්‍යාලය ඉදිරිපිට ඉදිකළ මිණිහිරිගම හෙළ බොජුන්හල විවෘත කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.
උපුටා ගැනීම: ITN News
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)