10 වන යොවුන්පුරය අද හම්බන්තොටදී ආරම්භ වෙයි…

යොවුන්පුරය 10 වැනි වරටත් අද( 27) සිට 31 දක්වා වීරවිල දී පැවැත්වේ.
ජාතික තරුණ සේවා සභාව, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධාන කරනු ලබන, යොවුන්පුරය වීරවිල පශූ සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
දෙස් විදෙස් තරුණ තරුණියන් 8000 කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම යොවුන්පුරයේදී, තරුණ තරුණියන්ට නායකත්වය පිළිබඳව අත්දැකීම් ලබා ගනිමින්, තම පෞරුෂ වර්ධනය, මෙන්ම ක්‍රීඩා, සංස්කෘතික හා කලා, අධ්‍යාපනික, ව්‍යවසායකත්ව හා රැකියා අවස්ථා ලබා දීම සඳහා වැඩ සටහන් රාශියක් නිර්මාණය කැර ඇත.
මෙහිදී බැහැර ගත ක්‍රියාකාරකම්, මිශ්‍ර වොලිබෝල් තරග, දුණු විදීමේ පුහුණු වැඩ සටහන්, මිනි මැරතන් තරග, විනෝද ක්‍රීඩා, යොවුන් ගායන ශිල්පී, නිර්මාණාත්මක නර්ථන, රසවින්දන වැඩසටහන්, ශ්‍රමදාන හා රුක්රෝපන වැඩ සටහන්, රැකියා වෙළදපොළ, අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශන, වෘත්තීය මාර්ගෝප දේශන වැඩ සටහන්, මාධ්‍ය වැඩමුළු හා මාධ්‍ය කලාපය, වීදි නාට්‍ය තරඟ, ගිණිමැල සංදර්ශන යනාදී වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙවර යොවුන්පුර නගර සභාවේ පුරපති වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පී.බී. සසංක පද්ම තරුණ නායකයා පත්ව ඇති අතර, නියෝජ්‍ය පුරපති ලෙස, මහනුවර දිස්ත්‍රික්කයේ කේ.එම්.ජී .දීපාල් ධනුෂ්ක තරුණ නායකයා පත්ව ඇත.
මීට අමතරව යොවුන්පුර නගර සභාවේ කාර්යංශ 10 ක් සඳහා ලේකම්වරුන් දස දෙනෙකු හා ඒ. ඒ. දිස්ත්‍රික්ක නියෝජනය කරමින් නගර සභිකයින් 54 දෙනෙකු තේරී පත් වී ඇත.
මෙහි සමාරම්භක උත්සවය 27 වැනි දා ප.ව 4.30 ට ,නිවාස හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස, වරාය නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, ජාතික තරුණ සේවා සභාව, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් වී.සිවඥාණසෝති, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්යක්ෂ ජනරාල් නීතීඥ එරන්ද වැලිඅංගේ යන මහත්වරුන්ගේ සහ ප්‍රදේශයේ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර, සමාප්ති උත්සවය 30 දා, ප.ව 4.30 ට, ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රාදේශයේ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
උපුටා ගැනීම : දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)