තොරතුරු දැනගැනීම වෙනුවෙන් විදේශගත ශ්‍රමිකයන්ට විශේෂ මෘදුකාංගයක්…

විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් විශේෂ මෘදුකාංගයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ අනුව විදේශ ගත වන අපගේ ශ්‍රමිකයන්ගේ තොරතුරු, ඔවුන් ඉන්නේ කුමන රටකද ආදීය මෙම මෘදුකාංගය ඔස්සේ දැන ගත හැකිය. දිවයිනේ ප්‍රකට දුරකථන සමාගමක් සමඟ එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඊයේ (02) සවස ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
තවද විදේශ ගත ශ්‍රමිකයන් සඳහා සිම් පත් ලබා දීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාවට නංවන අතර ඒ ඔස්සේ දේශීය දුරකථන බිලටම විදේශ ශ්‍රමිකයන්ට මෙරට ඥාතින් සමඟ අදහස් හුවමාරු කරගත හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
ඒ අනුව අප රටින් විදේශ ගත වන ශ්‍රමිකයන්ගේ තොරතුරු, ඔවුන් ඉන්නේ කුමන රටකද ආදී සියළු තොරතුරු මෙම මෘදුකාංගය ඔස්සේ දැන ගත හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
උපුටා ගැනීම : රජයේ නිල පුවත් වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)