හයේ පන්තියෙන් ඉහළ පාසල් අද ඇරේ…
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු නැවත පාසල් ආරම්භ කිරීම අද (6) දිනයේ සිදු වන නමුත් පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා වූ සිසුන්ගේ පාසල් අධ්‍යයන කටයුතු අද දිනයේ ආරම්භ නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ අනුව එම ශ්‍රේණිවල සිසුන් සඳහා දෙවන වාරයේ අධ්‍යයන කටයුතු ලබන 13 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය. 06 ශ්‍රේණියේ සිට 12 වන ශ්‍රේණිය දක්වා පන්ති පමණක් හෙට ආරම්භ කෙරේ.
පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ පාසල් සිසුන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා රජය ආරක්ෂක සැලසුමක් ක්‍රියාවට නංවා ඇත. ඒ අනුව කොළඹ ප්‍රදේශයේ පාසල් අවට පූර්ණ පරීක්ෂා කිරීම් ඊයේ පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් සිදු කෙරිණි. එසේම පාසල් කාලය තුළ කොළඹ නගරයේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථ සහ පාසල් කාර්ය මණ්ඩලයේ රථ ගාල් කිරීම සඳහා වෙනම ස්ථාන නම් කර තිබේ.
ඒ අනුව, මරදාන වයිඩ් පිටිය, ඩී. ආර්. විජේවර්ධන මාවත, මැල්වත්ත ක්‍රීඩාංගණය, කුමාර දොරටුව, සංඝරාජ මාවත, සතොස රථ ගාල, හයිඩ්පාක් පිටිය, සෝන්ඩර්ස් ක්‍රීඩාංගණය, ඩිස්වයිට් ක්‍රීඩාංගණය, දෙමටගොඩ පොලිසිය ඉදිරිපිට ඉඩම, මැටිපාක් රථගාල, ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාංගණය, ශාලික ක්‍රීඩාංගනය, කැම්බල් පිටිය යන ස්ථානවල රථ වාහන නවතා තැබිය හැකියි.
මීට අමතරව එෆ්. ආර්. සේනානායක මාවත, ආනන්දු කුමාරස්වාමි මාවත, ධර්මපාල මාවත, මේට්ලන්ඩ් පෙදෙස, පදනම් ආයතනය, නන්දදාස කෝදාගොඩ මාවත, මාකස් ප්‍රනාන්දු මාවත, ලයනල් වෙන්ඩ්ට්, ග්‍රෙගරිපාර, මලලසේකර මාවත, තුරග තරග පිටිය, මුහුදු මාවත, බී. ආර්. සී. පිටිය, කුරේ ක්‍රීඩාංගණය, හෙන්රි පේද්‍රික් ක්‍රීඩාංගණය යන ස්ථානවල ද පාසල් රථවාහන නැවැත්වීමට අවසර ලබා දී ඇත.
උපුටා ගැනීම: රැස පුවත්පත
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)