විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී 21කට පත්වීම් ලිපි ප්‍රදානය කරයි…

පළමු ශ්‍රේණියේ හෙද නිලධාරී (අධ්‍යාපන) තනතුරේ සිට විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී (අධ්‍යාපන) තනතුරට උසස් කිරීම සඳහා වූ පත්වීම් ලිපි ප්‍රදානය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (15) පෙරවරුවේ පැවැත්විනි.
විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී තනතුරේ පුරප්පාඩු 21 කට මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කළ අතර, තවත් පුරප්පාඩු 24 ක් සදහා ඉදිරියේ දී පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතව ඇත.
මේ වන විට දිවයින පුරා පිහිටි හෙද විද්‍යාල 18 ක විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් 127 ක් සේවයේ යෙදී සිටී.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) 02 ඩොනල්ඩ් මුරගේ මහතා ඇතුලු හෙද අධ්‍යක්ෂවරුන්, රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට ඒක්ව සිටියහ.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)