ජාතික මහා පොසොන් උත්සවය 13දා සිට 19දා දක්වා…

‘‘මෙත් දියෙන් සිත් නිවමු‘‘ යන තේමාව මත අනුරාධපුර මිහින්තලය සහ තන්තිරිමලය කේන්ද්‍ර කරගෙන මෙවර පැවැත්වෙන ජාතික මහා පොසොන් උත්සවය පොසොන් සතිය යෙදෙන ජූනි 13 සිට ජූනි 19 දක්වා කාලය ජාතික පොසොන් උත්සව කමිටුව ප්‍රකාශයට පත්කර ඇත. ඒ වෙනුවෙන් මහා සංඝරත්නය ප්‍රධාන රජරට නායකයන් විසින් ප්‍රකාශයට පත්කර ඇති සුබ පැතුම් පණිවිඩ මෙසේය.
ශ්‍යාමෝපාලි මහනිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමි – අපේ සංස්කෘතිය සභ්‍යත්වය ආරම්භ උනේ මහින්දාගමනයෙන් පසුවයි. අද අනුරාධපුර මහ දිසාපති තුමා ප්‍රධාන කමිටුව මගින් මහා සංඝරත්නයේ ආශිර්වාදය මත පවත්වන (2019) ජාතික මහා පොසොන් උත්සවය සාර්ථක ලෙසට සංවිධානය කර ගැනීමේ දී රාජ්‍ය අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තු, පළාත් ආයතන බැංකු සංස්ථා මණ්ඩල, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බෞද්ධ සංගම් මාධ්‍ය හා පොදු ආයතන සැමට මගේ කෘතඥතාවය පළකරන අතර මෙම ඓතිහාසිකත පුද භූමිය තුළ තිබෙන පෞරාණික වස්තූන්වලට හානියක් සිදුනොවන පරිදි පුදබිමේ ගෞරවය ආරක්ෂා වන ලෙසට පැමිණෙන සියලු බැතිමතුන් ඇඳුමෙන් පවා සංවරශීලී ව පැමිණෙන ලෙසට ඉල්ලා සිටින අතර සෑම සියලු දෙනාට ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.
මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංඟුණවැවේ ධම්මරතන නායක හිමි – ප්‍රථමයෙන් ම මිහින්තලය පූණ්‍ය භූමිය මුල්කර ගෙන මෙම 2019 වසරේ සමරනු ලබන්නේ 2327 වන මිහිදු ජයන්තිය හෙවත් 2327 වන ජාතික පොසොන් උත්සවයයි. මෙම මිහිදු ජයන්තියේදී තරයේ අධිෂ්ඨාන ශක්තිය ගොඩනගා ගතයුතු ය. අනුබුදු මිහිදු බණ පිළිපදිමින් ආකාරවතී ශ්‍රද්ධා සම්පන්න වමෙම සදානුස්මරණීය මොහොතේ කටයුතු කිරීමට බාල, මහළු, තරුණ සියලු දෙනාට හැකියාව ලැබේවායි ශුභාශිංශනය ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.
උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ විහාරාධිපති තන්තිරිමලේ චඤන්ද්‍රරතන නායක හිමි – වර්තමානයේ ජීවත්වන අපගේ ක්‍රියා කලාපය අනාගත ලෝකය සඳහා මහත්වූ බලපෑමක් ඇති කරන බව රහසක් නොවේ. එසේනම් අප තුළ මහත්වූ වගකීමක් ඇති බව හොඳින් අවබෝධ කරගෙන වෛරය වෙනුවට අවෛරය වපුරා සැපවත් සාමකාමී දිවියක් ගෙවීමට සුදුසු ක්ෂේම භූමියක් නිර්මාණය කිරීමට පිළිවෙතින් පෙළගැසෙමු යන උතුම් ප්‍රාර්ථනා මේ උතුම් දිනයේ අපේ ප්‍රාර්ථනාව විය යුතුය.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා- එදා මිස්සක පව්වෙන් උතුරා ගලාගිය සඳහම් ගංගාවේ සිසිළසින් පිදුම් ලද ශ්‍රී ලංකීය අප අද 2327 වන පොසොන් පුර පසළොස්වක පොහෝය දිනයේ දී දායක වූ පිවිතුරු බුදු දහමත් හරවත් බොදු උරුමයත් සුරක්ෂිත කිරීමට අදවැනි පින්බර දිනක ප්‍රාර්ථනා කරමු.
අනුරාධපුර මහදිසාපති ආර්.එම්. වන්නිනායක මහතා – අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයටත් දේශපාලනමය නායක සැමටත් ත්‍රිවිධ හමුදා පොලිස් , සිවිල් ආරක්ෂක සේවා යන ආරක්ෂක අංශවලටත් රාජ්‍ය නොවන ආයතන වලටත් බැතිමතුන් ටත් මෙවැනි අවස්ථාවක පොසොන් උළෙල අති සාර්ථක කර ගැන්මට දුන් ශක්තිය උදෙසා මාගේ කෘතවේදීත්වය පළකරමි යැයි එම පණිවුඩවල දැක්වේ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)