එංගලන්තයත් ලෝක කුසලාන අවසන් පූර්ව වටයට…
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණි.
ඒ අනුව ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ එංගලන්තය අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ඇති අතර නවසීලන්තය සහ පාකිස්ථානය තවදුරටත් එම ලැයිස්තුවේ කණ්ඩායමක් බවට පත්විමට අපේක්ෂාවෙන් පසුවෙයි. ප්‍රසාද ලකුණු 11ක් ලබා සිටින නවසීලන්ත කණ්ඩායම ධන ලකුණු ලබාගැනිමේ සාමාන්‍යයක් රදවාගෙන සිටින අතර බංග්ලාදේශයට එරෙහිව පාකිස්ථානය අද පැවැත්වෙන තරඟයෙන් ජය ලැබුවහොත් ඔවුන්ට ද ප්‍රසාද ලකුණු 11ක් හිමි වෙයි.
එහෙත් ලකුණු ලබා ගැනිමේ සාමාන්‍ය මත නවසීලන්තයට අවසන් පූර්ව වටය සදහා පිවසීමේ වැඩි ඉඩකඩ පවතියි. ඊයේ(03) පැවැති තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50දී කඩුලු 08ක් දැවී ලකුණූ 305ක් ලබා ගත්තා. ජෝනි බෙයාර්ස්ටෝ ලකුණු 106යි.
පිළිතුරු වශයෙන් නවසීලන්ත ක්‍රිඩකයින්ට සියළු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 186ක් පමණයි. ඒ අනුව එංගලන්තයට ලකුණු 119ක ජයක් හිමි වුණි. ඇෆ්ගනිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟය ද අද පැවැත්විමට නියමිතයි.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)