අහස හැඩ කරන උල්කාපාත දකින්න – රාත්‍රී අහස බලන්න…

පැයකට උල්කා 60 සිට 150 දක්වා ප්‍රමාණයක් පෘතුවි වායුගෝලයට ඇතුළු වී දැවී යන ආකාරය නිරීක්ෂණය කලහැකි Perseids උල්කාපාත වර්ෂාව මෙවරත් අහස නිරීක්ෂණයට කැමැත්ත දක්වන සැමට දැක බලා ගැනීමට හැක. ජූලි 17 සිට අගෝස්තු අවසන් වනතෙක් දර්ශනය වන Perseids උල්කාපාත වර්ෂාව ශ්‍රී ලංකාව ඇතුළු උතුරු අර්ධගෝලයේ රටවලට මැනවින් නිරීෂණය කල හැකි බව දැනුම් දෙයි.
ඇත්තටම උල්කාපාත වර්ෂාවක් කියන්නේ මොකද්ද? උල්කාපාත වර්ෂාවක් කියල කියන්නේ සූර්යයා වටා ගමන් කරමින් පවතින ධූම කේතුවකින් එනම් වල්ගා තරුවකින් ඉවත යන (හිස් ආකාශයට විසි වී ගිය ) පාෂාණ කැබලි හා දූවිලි කැටිති පිරි ස්ථානයක් හරහා පෘථිවිය ගමන් කිරීමේදී එම පාෂාණ කැබලි පෘථිවි ගුරුත්වාකර්ෂණයට මුසු වී වායු ගෝලයේ හා ගැටීමෙන් වන ක්‍රියාවලියටයි.
නාසා ආයතනයට අනුව Swift-Tuttle නම් වල්ගාතරුවේ ගමන් මාර්ගය තුලින් සෑම වසරකම පර්සීඩ් උල්කා වර්ශාව හටගනී. ”පර්සියස්” තාරකා රාශිය ආසන්නයේ දිස්වීම නිසා මෙම උල්කා වර්ශාව Perseids ලෙස නම් කර ඇත. තාරකා විද්‍යා ගවේෂකයන්ට අනුව අගෝස්තු මස 13-14 දෙදින රාත්‍රී 11.30 සිට 12.30 දක්වා, පැයකට උල්කාෂ්ම 150 ඉක්මවා දැකගත හැකි බව සදහන් වේ.
වලාකුළු රහිත පැහැදිලි අහසක වසරකට වරක් උදාවන මෙම උල්කා වර්ෂාව පියවි ඇසින් නැරඹිය හැක.
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)