ලෝක ජල දිනය අදයි – පිරිසිදු ජල අර්බුධය ලංකාවේත්…

ලෝක ජල දිනය අදට(22) යෙදී තිබේ.
මෙවර ලෝක ජල දිනයේ අරමුණ වී ඇත්තේ පිරිසිදු පානීය ජල සම්පත ආරක්ෂා කර ගැනීම සම්බන්ධව ලෝක ප්‍රජාව දැනුවත් කිරීමයි. ඒ සඳහා නිසි කළමනාකරණයකින් යුතුව පිරිසිදු පානීය ජල සම්පත හා ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර සිටියි.
එසේම ජල සම්පත මානව අයිතිවාසිකමක් ලෙසද ඔවුන් නම්කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කරන වාර්තා අනුව ලොව පුරා බිලියන 2.1ක ජනතාවක් පිරිසිදු පානීය ජලය නොමැතිකමින් පීඩාවට පත්ව ඇත. දෛනිකව මියයන දරුවන් 700 දෙනෙකු පමණ එම උවදුරට ගොදුරුවී ඇත්තේ ජල දූෂණය හා නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීමෙනි.
ලොව පුරා නාගරික ප්‍රදේශවල 80%ක ජනතාවට පිරිසිදු ජලය නොලැබෙන බව එම වාර්තා සඳහන් කරයි.
අනාදිමත් කාලයක සිට විශිෂ්ඨ වාරි ශිෂ්ඨාචාරයක් සහ පිරිසිදු ජල සම්පතක් උරුමව තිබූ ශ්‍රී ලංකාව ද මේ වනවිට පිරිසිදු පානීය ජල අර්බුධයකට මුහුණ දී සිටියි.
කඳුකරයේ වනාන්තර විනාශය, සැළසුම් සහගත නොවන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ජල සම්පත තර්ජනයට ලක්ව ඇත.
ජල සම්පත විනාශවීමේ තත්වය පාලනය කර ගැනීමට තවත් පමාවන්නේ නම් එය නැවත සැකසිය නොහැකි වරදක් වනු නොඅනුමානය.
” වැඩිහිටි මිනිස් සිරුරක බරෙන් තුනෙන් දෙකක්ම ඇත්තේ ජලයි. රුදිරයේ 83% ක් ද, හදවතෙහි 79.2% ක් ද,මාංශ පේශිවල 75.6% ක් ද, මොළයේ 74.8% ක් ද, සමෙහ 72%ක් ද, අස්ථිවල 22%ක් ද වශයෙන් මිනිස් සිරුරේ ජලය අන්තර් ගතව පවතී .ඔබ දන්නවද? අපගේ සිරුරේ පැවතිය යුතු ජලය පරිමාවෙන් 1%ක් අඩු වීමෙන් අපට පිපාසය දැනෙන බව.අවශ්ෂ්‍ය ම්ර්මනයට වැඩ 5% කින් ජලය සිරුරේ අඩුවුවහොත් මාංශ පේශිවල ශක්තිය හීන වී යයි. මෙවන් විටෙක අදික පිපාසය මෙන්ම තෙහෙට්ටුවට පත්වෙයි. අවශ්ෂ්‍ය ප්‍රමාණයට වැඩ 10%කින් ජලය අඩුවුවීමෙන් සිහිමුර්ජා තත්වයට අපත් වී, එය 20% දක්වා ඉහල ගියහොත් අපට සිදුවන්නේ මියයමටයි. මේ තරමින් අපගේ ශරීරය ආරක්ෂා කිරීමට උදව් කරන ජලය ප්‍රවේසමෙන් පරිහරණය කිරීම අපගේ යුතුකමයි. “
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)