විශ්වවිද්‍යාල පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්…

‘විශ්වවිද්‍යාල පර්යේෂණ විශිෂ්ටතා, සම්මාන උලෙළ පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
වසර 2කට වරක් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් සංවිධාන කරන මෙම විශිෂ්ටතා සම්මාන උලෙළ මෙවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීම විශේෂ අවස්ථාවක් විය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රධාන ක්ෂේත්‍ර 06ක් යටතේ ජාතික සහ අන්තර්ජාතික වශයෙන් සිදුකරන සේවය ඇගැයීමට ලක් කරමින් සම්මාන පිළිගැන්වීම මෙහි දී ජනාධිපතිවරයා අතින් සිදු විය.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පර්යේෂණාත්මක සංස්කෘතියක් ඇතිකිරීම සහ දියුණු කිරීම වෙනුවෙන් සිදුකරන ලද විශිෂ්ට සේවය උදෙසා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් මෙහි දී ජනාධිපතිවරයා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.
නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.
උපුටා ගැනීම: දිනමිණ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)