ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…

අපේ රටේ ආර්ථිකයට ශක්තියක් ලැබෙන පරිද්දෙන් මෙරට අධ්‍යාපනය පරිවර්තනය විය යුතු බවත් අපේ රටේ අධ්‍යාපනයට සීමා මායිම් නොමැති බවත් බස්නාහිර හා මහ නගර සංවර්ධන ඇමැති පඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළ 25 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනයේ 23 වැනි ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයේදීය. එහිදී සිසු සිසුවියන් 1638 දෙනෙකු සඳහා සහතික පත් පිරිනැමීය.
මෙහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය.
සමෘද්ධිය ලබාදීම ,පොහොර සහනාධාරය ලබාදීම වැනි ක්‍රියා තමයි අපේ රටේ බඩ වියතට කරන දේශපාලනය. අපි සබුද්ධිකව කැප විය යුතුයි. මම මේ දරුවන්ට කියනවා රජයේ රැකියා පසුපස නොගිහින් ආත්මාභිමානයෙන් යුතුව පෙරට එන්න කියලා.
කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව බහුතරයක් සිටිනවා. ඒ වගේම යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාව බහුතරයක් සිටිනවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිංහල ජනතාව වැඩි හරියක් ජීවත් වෙනවා. අපේ ජනතාව මෙරට හැරයාමේ ප්‍රවණතාව වැඩි වී තිබෙනවා. එසේ නොකර තම රටට මහඟු සේවයකට දායක වෙන්න කියා මා මේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ දරුවන්ට මම කියනවා කැරලි ගහලා විප්ලව කරලා ලබාගත හැකි දෙයක් නැති බව. අපේ කාලේ සාහිත්‍යයේ තිබුණා “උගත මනා ශිල්පයමයි මතු රැකෙනා“ කියලා. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය විශිෂ්ට තත්ත්වයට පරිවර්තනය වෙලා නැහැ. මහාචාර්ය ගුණපාල මහත්තයා කියලා තියෙනවා ‘‘මතු රැකෙනා ශිල්පයමයි උගත මනා කියලා“.අද ලෝකයේ ධනවත් රටවල සබුද්ධික ක්‍රියාකාරිත්වය වැදගත් තැනක් ගෙන තිබෙනවා.
IBS ආයතනයේ සහ ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ සහ සභාපති අජිත් සෙනෙවිරත්න, IDM නේෂන් කැම්පස් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ සහ සභාපති මහා බ්‍රිතාන්‍යයේ ED – Hat ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනගන් විනයාගම්මුර්ති ,මහා බ්‍රිතාන්‍යයේ ED – Hat ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන සම්බන්ධීකාරක ඇලන් ක්ලාක් මහත්වරු මේ පිළිබඳව අදහස් දැක්වූහ.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංජිත් කරදන මහතා උත්සවය අවස්ථාවේ දී පිළිගැනීමේ කතාව කළ අතර ජාතික ඒකාබද්ධතා , රාජ්‍ය භාෂා , සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු ඇමැති මනෝ ගනේෂන් මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
උපුටා ගැනීම : දිනමිණ
Certificates of the courses conducted jointly by the 2019 Lanka Management Development and Languages and Computer Training Authority have not yet been received. We deposited the money before the 15th of last month because we received a letter asking us to deposit money.How long will it take for us to receive those receipts?