භික්ෂු විශ්වවිද්‍යාලය 20 වනදා ඇරඹේ…
රටේ පැවති තත්ත්වය සැලකිල්ලට ගෙන දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දැමු අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු එළඹෙන මැයි 20 වෙනිදා සිට නැවත ආරම්භ කිරීමට එම විශ්වවිද්‍යාලයිය පාලනාධිකාරිය තීරණය කොට ඇත.මේ අනුව අභ්‍යන්තර නේවාසික පහසුකම් හිමි සියලු ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට මැයි මස 19 වෙනි දින සිට නේවාසිකාගාර වලට පැමිණීමට පහසුකම් සලසා ඇති බව එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී යු.ඩි.දොඩම්වල මහතා පැවසිය.එළඹෙන මැයි මස 20 වන දිනෙන් ආරම්භවන සතිය අධ්‍යයන නිවාඩු කාලය වන අතර මැයි මස 29 වෙනිදා සිට 2017/2018 අධ්‍යයන වර්ෂයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පැවැත්වෙන පළමු සමාසිකයේ සමාසිකාන්ත පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් හෙතෙම පවසයි.
උපුටා ගැනීම: සිළුමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)