වන් ගෝල් ෆේස් මෝල් රැකියා පොළ අද සිට…

සංවර්ධනය වන කොළඹ නගරය තුළ ඇති විශාලතම වෙළෙඳ සංකීර්ණය වන වන් ගෝල් ෆේස් මෝල් (One Galle Face Mall) විසින්, මේ සති අන්තයේ දී සුවිසල් රැකියා වෙළෙඳ පොළක් සංවිධාන කර තිබේ. මේ රැකියා වෙළෙඳ පොළ අද (16) සහ හෙට (17) පෙ. ව. 10 සිට ප. ව. 6 දක්වා One Galle Face Mall ඉදිරිපිට ඇති ගාලු මුවදොර පිටියේ දී පැවැත්වේ.
කළමනාකරුවන්ගේ සිට පාරිභෝගික සේවා නිලධාරීන්, ගෘහ පාලකවරුන් දක්වා ආයතනයේ ඉදිරිපෙළ හා පසුපෙළ රැකියා අවස්ථා 1000ක් සඳහා උනන්දුවෙන්, කැපවීමෙන් මෙන්ම දියුණුවීමේ අපේක‍්ෂාවෙන් යුතු පුද්ගලයන් සොයා යෑම One Galle Face Mall කාර්ය මණ්ඩලයේ අරමුණය.
One Galle Face Mall හි සේවය කිරීම සඳහා අදාළ වෘත්තීය පසුබිමින් යුතු, අත්දැකීම් ඇති හෝ එම වෘත්තිය පිළිබඳ කැමැත්තක් ඇති දක‍්ෂතා සපිරි කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම එම ආයතනය විසින් සේවා කර්යයන් සඳහා ආරාධනා කර සිටී. තව ද මේ නව ඇබෑර්තු සඳහා නවක උපාධිධාරීන් සහ සිසුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් සඳහා ද අවස්ථාව විවර වී ඇති බව One Galle Face Mall හි කළමනාකාර, ඉන්දික ගෝනවෙල මහතා ප්‍රකාශ කරයි.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)