දකුණේ රැකියා විරහිත උපාධිධාරීන් 943කට ගුරු පත්වීම්…
දකුණේ රැකියා විරහිත උපාධිධාරීන් 943කට ගුරු පත්වීම් ලබාදීම පසුගිය දා සිදුකෙරිණි.
මේ අනුව මාතර , ගාල්ල , හම්බන්තොට දිස්ත්‍රික්ක තුනේ රැකියා විරහිත උපාධිධාරීන් 943ක් ගුරු පත්වීම් ලබා ගත්හ.
සෑම විෂය ධාරාවක් සඳහාම ගුරු පත්වීම් ලබාදුන් අතර වැලිගම නගර සභා ශ්‍රවණාගාරයේ දී මෙම පත්වීම් පිරිනැමීණි.
අද මෙතන ඉන්න උපාධිධාරී පිරිසට ගුරු පත්වීම් ලැබුණම අසහනයට පත්වෙන්නේ තවත් කෙනෙක්. තමන්ටත් අවස්ථාවක් ඉදිරියේ දී හැදෙනව කියල ඒ අය අවබෝධ කරගත්තොත් හොඳයි යැයි මෙහිදී අදහස් දැක්වූ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්ර මහතා පැවසීය.
අද පත්වීම් ලබන මේ සියලුදෙනාම තරුණ ළමයි. ඔබගේ සේවය පන්ති කාමරයට එන දරුවන්ට උපරිමයෙන් ලබා දෙන්න. අනිවාර්යයෙන් අතිරේක පන්ති තියල විෂයය නිර්දේශය ආවරණය කරල දෙන්න කියල මා විශේෂයෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඔබ අද ඇතුල්වෙලා ඉන්නේ ශක්තිමත් පද්ධතියකටයි. සියල්ලන්ට අපි අවස්ථාව හැදුවා වගේ ඒ සිතුවිල්ල සමස්ත උපාධිධාරී සියලුදෙනාට ඇතිවේවා කියා ප්‍රාර්ථනා කරනවා
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වයි. වික්‍රමසිරි, නියෝජ්‍ය ලේකම් කිත්සිරි ලියනගමගේ, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සරත් අමරසිරි, දකුණු පළාතේ සියලුම කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් සහ පත්වීම්ලාභීන්ගේ මවුපියන් මෙම අවස්ථාවට එක්වී සිටියහ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)