ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රිදී 2ක් හා ලෝකඩ පදක්කමක්…

හොංකොං හී ඊයේ නිමාව දුටු ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් හිමි වෙයි. මීටර් 400 පිරිමි ඉසව්වෙන් මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ නවිෂ්ක සංදේශ් හා මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම රිදී පදක්කම් දිනාගත් අතර මීටර් 400 කාන්තා කඩුලු පැනීමේ ඉසව්වෙන් මහනුවර විහාර මහා දේවී බාලිකාවේ අමේෂා පියුමන්ති හෙට්ටිආරච්චි ලෝකඩ පදක්කම දිනා ගත්තාය.
රිදී පදක්කම දිනාගත් නවිෂ්ක සංදේශ් මීටර් 400 පිරිමි ඉසව්ව තත්පර 48. 26කින් නිමකළ අතර එහි රන් පදක්කම ඉන්දියාවේ අබ්දූල් රසාක් තත්පර 48. 17කින් හා ලෝකඩ පදක්කම කසකස්තානයේ යෙෆීම් ටරාසොව් තත්පර 48.59කින් දිනා ගත්හ.
පිරිමි මෙඩ්ලී මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම රිදී පදක්කම දිනා ගැනීමට විනාඩි 1:55.04ක කාලයක් ගතකළ අතර එම තරගයට බම්බලපිටිය සාන්ත පීතර් විදුහලේ හිරූෂ ඒෂාන්, සාන්ත මේරී විදුහලේ ෂෙමාල් මිලින්ද, මතුගම ආනන්ද ශ්‍රාස්ත්‍රාලයේ ඉසුරු කෞෂල්‍ය හා මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ නවිෂ්ක සංදේශ් ඇතුළත් වූහ. මෙහි රන් පදක්කම විනාඩි 1:54.04ක කාලයක් ගතකළ ඉන්දීය පිල හා ලෝකඩ පදක්කම විනාඩි 1:55.45ක කාලයක් ගතකළ චීන ක්‍රීඩකයෝ දිනා ගත්හ.
අමේෂා පියුමන්ති හෙට්ටිආරච්චි මීටර් 400 කාන්තා කඩුලු පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ගතකළ කලය වූයේ විනාඩි 1:01.42ක කාලයකි. උණුසුම් සටනකින් අනතුරුව තායිලන්ත ක්‍රීඩිකා අරීසා වෙරුවන්කර් (වි. 1:00.52) රන් පදක්කම හා චීන තායිපේ ක්‍රීඩිකා ජූයී හුසේන් (වි. 1:00.68) රිදී පදක්කම දිනා ගත්හ.
රටවල් 45කින් වයස අවුරුදු 18ට අඩු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ මේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 13ක ගෙන් යුත් කණ්ඩායමක් සහභාගී විය. එහිදී සාන්ත මේරී විදුහලේ මිලින්ද පෙරේරා මීටර් 100 අවසන් පූර්ව වටයේදී තත්පර 11.30කින් ඉවතට ගිය අතර මීටර් 200 අවසන් තරගය තත්පර 22.63කින් අටවැනි ස්ථානයට නිම කළේය.
බම්බලපිටිය සාන්ත පීතර විදුහලේ හිරුෂ ඒෂාන් දුර පැනීම ඉසව්ව මීටර් 6.66කින් 10වැනි ස්ථානයට, සාන්ත පීතර් විදුහලේම රුමේෂ් තරංග කවපෙත්ත මීටර් 48.82ක දුරක් විසිකොට 9වැනි ස්ථානයට පත්වූ අතර මාදම්පේ සේනානායක විදුහලේ ළහිරු අවිශ්ක මීටර් 2000 බාධක දිවීම තරගය නීති විරෝධී ධාවනයෙන් ඉවතට ගියේය.
කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සදීපා හෙන්ඩර්සන් මීටර් 100 අවසන් පූර්ව වටයේදී තත්පර 12.44ක් හා මීටර් 200 අවසන් තරගයේදී තත්පර 24.98කින් 5වැනි ස්ථානයට පත්වූවාය. නාවල ජනාධිපති බාලිකා විදුහලේ කවිඳි සංජනා මීටර් 400 අවසන් තරගය විනාඩි 1:00.90කින් 8වැනි ස්ථානයට, ගම්පහ හොලික්‍රොස් විදුහලේ ශානිකා ලක්‍ෂානි මීටර් 800 විනාඩි 2:14.25කින් 4වැනි ස්ථානයට, ඉබ්බාගමුව මැදි විදුහලේ පී.පී.අයි.එන්. පල්ලේගම උස පැනීම මීටර් 1.65කින් 4වැනි ස්ථානයට පත්වූහ.
කාන්තා මෙඩ්ලී සහාය දිවීමේ තරගයේ දී දිල්මි දහනායක, සදීපා හෙන්ඩර්සන්, කවිඳි සංජනා හා අමේෂා පියුමන්ති හෙට්ටිආරච්චි විනාඩි 2:15.89කින් 5වැනි ස්ථානයට පත් වූහ.
මේ කණ්ඩායම භාර නිලධාරි ලෙස නෙවිල් රුද්‍රිගු, කාන්තා භාර නිලධාරිනී ගීතා පතිරණවසම් හා පුහුණුකරු මධුර පෙරේරා යන මහත්ම මහත්මීහූ එක්ව සිටියහ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)