ලෝකයේ ඉහළම ගණයේ විශ්වවිද්‍යාල හතරකින් උපාධි පාඨමාලා හැදෑරීමට අතිදක්ෂ දරුවන් 14 දෙනෙකුට ශිෂ්‍යත්ව…

ලෝකයේ ඉහළම ගණයේ විශ්වවිද්‍යාල හතරකින් උපාධි පාඨමාලා හැදෑරීමට අතිදක්ෂ දරුවන් 14 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදීමේ අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීමට වසරකට රුපියල් මිලියන 170 ක් වැයවන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.
මේසා විශාල මුදලක් වසරක් සඳහා වැයකිරීමට රජය පසුබට නොවන බව කී මුදල් ඇමැතිවරයා, ඉන් අපේ රටේ දක්ෂ දරුවන්ට ලෝකයේ දක්ෂ දරුවන් සමඟ එකට සිට ඉගෙන ගැනීමට අවස්ථාව උදාකරදීම සිදුකරන බව කීය.
එළැඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, තාක්ෂණවේදය, වාණිජ සහ කලා විෂයයන් පහෙන් මුළු ලංකාවෙන්ම වැඩියෙන්ම ලකුණු ලබාගෙන පළමුවැනියා වන දරුවන් පස්දෙනාට සහ පළාත් නවයෙන් වැඩිම ලකුණු ලබාගන්නා දරුවන් නවදෙනෙකුට පළමු අදියර යටතේ මේ ශිෂ්‍යත්වය පිරිනැමේ.
මේ සඳහා එක් දරුවෙකුට වසරකට රුපියල් මිලියන 12 ක මුදලක් වියදම් කිරීමට සිදු වෙතැයි ගණන් බලා ඇත. ඒ අනුව වසර 04 කට එක් අයෙකුට වැයවන මුදල රුපියල් මිලියන 48 කි.
වසර 2020 දී විෂයන් පහෙන් වැඩිම ලකුණු ලබාගන්නා දරුවන් පස්දෙනාට අමතරව දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ලකුණු ලබාගන්නා දරුවන් 25 දෙනෙකු ද එකතුව 30 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනමන බව ඇමැතිවරයා කීය.
කොළඹ කොටුව මුදල් අමාත්‍යාංශයේ පෙරේදා (13) දහවල් පැවැති මාධ්‍ය හමුවට එක්වූ මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේය.
මේ ශිෂ්‍යත්ව අරමුදල (Scholarship For Educational Excellence – (SEE) නමින් රජය මුදල් යොදා ආරම්භ කරන බවත්, ඊට පෞද්ගලික අංශයේ පිරිස්වලට පවා දායකත්වය ලබාදීමට ඉඩකඩ විවරකොට ඇතැයි මංගල සමරවීර මහතා කීය.
පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදා රටේ සිදුවූ දේශපාලන කුමන්ත්‍රණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත දැමුණා. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුන වන ෆිච් රේටීන්ස්, මූඩිස් සහ ස්ටෑන්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනයි මෙය සිදුකළේ. මේ අය අපේ ණය ශ්‍රේණිය පහත දැමූ නිසා අපට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළින් බැඳුම්කර මගින් මුදල් ලබාගන්නා විට ගෙවිය යුතු පොලිය වැඩි වී තිබෙනවා.
අපට වැඩිපුර සියයට 1.5 ක පොලියක් ගෙවීමට සිදු වෙනවා. ඒ අනුව රුපියල් බිලියන 6.4 ක වැඩි මුදලක් ගෙවන්න සිදු වෙනවා. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා බලෙන් අගමැතිගේ පුටුවත්, මගේ පුටුවත් ගත්තා. ඒ දින 52 තුළ තමයි මේ පාඩුව රටට සිදු වුණේ.
නිදහස් ශ්‍රී ලංකාවේ අවුරුදු 70ක ඉතිහාසයේ මුදල් ඇමැතිවරයෙකු ගෙවූ වැඩිම ණය වාරිකය හා පොලිය ප්‍රමාණය ජනවාරි 15 වැනිදා අපි ගෙව්වා. ඩොලර් බිලියන 02ක් ගෙව්වා. තව බිලියන 03 ක් ගෙවන්න තියෙනවා.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අපි අවුරුදු 04 ක කාලයකදී සියයට 107 කින් වැඩි කළා. එහෙම කළ ආණ්ඩුවක් රටේ තිබුණාද? පෞද්ගලික අංශය ශක්තිමත් කළා. අධ්‍යාපනයට, සෞඛ්‍යයට විශාල මුදලක් අයවැයෙන් වෙන්කළා. මේ සියල්ල කළේ ඉතා අභියෝගාත්මක පසුබිමකයි.
මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් ඒ. ආර්. දේශප්‍රිය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විමලේන්ද්‍රරාජා, මුදල් ඇමැතිවරයාගේ ආර්ථික උපදේශක ඩේෂාල් ද මැල් සහ බදු උපදේශිකා තනූජා පෙරේරා මහත්ම මහත්මීන් මේ අවස්ථාවට එක්වූහ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)