ද. ආසියා කාන්තා පාපන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට…

නේපාලයේ මේ දිනවල පැවැත්වෙන දකුණු ආසියා කාන්තා පාපන්දු ශූරතාවලියේදී මාලදිවයින ගෝල් 2-0කින් පරාජයට පත්කළ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. අවසන් පූර්ව වටයේදී ‘බී’ කාණ්ඩයේ දෙවැනි තැනට පත්වූ ශ්‍රී ලංකාවට ‘ඒ’ කාණ්ඩයේ මුල්තැන සිටින නේපාලය හමුවන අතර, ‘බී’ කාණ්ඩයේ පළමු තැනට පත්වූ ඉන්දියාවට ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි තැන සිටින බංග්ලාදේශය හමුවේ.
ශ්‍රී ලංකාව මේ ශූරතාවලියේදී අවසන් පූර්ව වටයට පිවිසි තෙවැනි අවස්ථාව මෙයවන අතර 2012දී හා 2014දී අවසන් පූර්ව වටයට පිවිසි පරාජයට පත්විය. ඊයේ මේ ශූරතාවලියේ දෙවැනි තරගයට ශ්‍රී ලංකා පිල එක්වූ අතර එහිදී ඉන්දියාව ගෝල් 5-0ක පහසු ජයක් වාර්තා කළේය. ඉන්දියාව මේ තරගාවලියේ පිට පිට සිවු වතාවක් ශූරතාව දිනා සිටීම කැපී පෙනේ.
නේපාලයේ ෂාහීඩ් රන්ග්සාලා ක්‍රීඩාංගණයේ පැවැති මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර තරගයේ වාර්තාවූ ගෝල් දෙකම ප්‍රහාරක ක්‍රීඩිකා චලනී කුමාරී ඒකනායක වාර්තා කිරීමට සමත් වූවාය. තරගයේ පළමු භාගයේදී ශ්‍රී ලංකාව ගෝල් 1-0ක් ලෙස ඉදිරියෙන් සිටි අතර 40වැනි මිනිත්තුවේදී මාලදිවයින ගෝල් කීපර් අතින් පන්දුව ගිලිහී ඉදිරියට එද්දී චලනී එල්ල කළ පහරින් එම ගෝලය වාර්තා වුණි.
අනතුරුව 50වැනි මිනිත්තුවේදී සංජීවනී පෙරේරා ගෝල් කණුවේ දකුණු පස සිට හරහා එල්ල කළ පහර ගෝලයක් බවට පරිවර්තනය කර ගැනීමට යළිත් ක්‍රියාත්මකවූ චලනී කුමාරී ඒකනායක සමත් වූවාය.
ශ්‍රී ලංකාව වෙතින් ලද එම පරාජයත් සමග තරග දෙකක් පරාජයවූ මාලදිවයින පිල ශූරතාවලියෙන් ඉවතට ගිය අතර ‘ඒ’ කාණ්ඩයේ භූතානය සහභාගීවූ තරග දෙකම පරාජයවී ඉවතට ගියේය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)