Google සමාගමෙන් Huawei ආයතනය සදහා වාරණයක්…

Google සමාගම විසින් Huawei ආයතනය සදහා වාරණයක් නිකුත් කර තිබේ.
Huawei ආයතනය මගින් නිෂ්පාදිත ජංගම දුරකතන වලට මින් ඉදිරියට Google Security Updates සහ Technical Support නොලැබී යනු ඇත.
ඉදිරියේදී නිකුත්වන Huawei දුරකතන සදහා Open Source License යටතේ android මෙහෙයුම් පද්ධතිය ලබා දුන්නද, Gmail, Google Play, Google Maps, YouTube වැනි කිසිදු සේවාවාක් එම දුරකතනවලට හිමි නොවේ.
Huawei යනු චීනය තුල ගොඩනැගුනු සමාගමකි. චීනය තුල මෙම Google Apps බොහෝමයක් අතීතයේ සිටම එරට රජය විසින් තහනම් කර තිබූ නිසා Huawei ආයතනයට එය එතරම් බලපෑමක් නොවේ.
නමුත් ඔවුන්ගේ මූලික ඉලක්කය වී ඇත්තේ ගෝලීය වෙළදපොළයි. එම නිසා හැකි ඉක්මනින් නැවතත් Google සමාගම සමග ගිවිසුමකට එලබීම හෝ තමන්ටම ආවේනික වූ අන්තර්ජාල සේවාවන් ගොඩනගාගැනීමට Huawei ආයතනයට සිදුවී ඇත. මෙම අවධානම පිළිබද පසුගිය මාරිතු මාසයේදී Huawei ආයතනයෙන් විමසූ විට ඔවුන් සදහන් කරේ Google ආයතනයට කිසි ලෙසකින් තම සමාගම වාරණය කිරීමට හැකියාවක් නොමැති බවයි, නමුත් මෙම වාරණයෙන් පසු Huawei ආයතනය තවමත් මේ පිළිබද කිසිවක් සදහන් කර නොමැත.
මේ අනුව,
දැනට භාවිත කරන Huawei දුරකථන සඳහා ගූගල් Play Store හරහා නවතම ඇප්ස් බාගත කරගැනීමේදී පවා දෝශ ඇතිවිය හැක.
Huawei සමාගමේ ප්‍රධාන විධායක රෙන් පවසන්නේ තම නිෂ්පාදන ලොව ඉතා වේගයෙන් ජනප්‍රිය වන්නට පටන් ගැන්ම නිසා ඇමරිකානු දුරකථන නිෂ්පාදන සමාගම් වලට එල්ලවන පහර වැලැක්වීමට ඇමරිකානු සමාගමක් වන Google සමාගම මෙය සිදුකරන්නට ඇති බවයි.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)