ලෝක කුසලාන සටන අද ඇරඹෙයි-සිංහයින් ජූනි 1 වන දා තරග බිමේ…

12 වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙල අතිඋත්කර්ෂවත් අයුරින් ඊයේ(29) එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්විය.
උත්කර්ෂවත් සමාරම්භක උළෙල ආරම්භ වුණේ එංගලන්තයේ බකින්හැම් මාලිගය අසලින්.
2019 ක්‍රිකට් ලෝක කුසලානයේ සමාරම්භක උත්සවය ඊයේ අතිඋත්කර්ෂවත් ලෙස එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත් වුණේ බ්‍රිතාත්‍ය රාජකීයන් ගේ ද සහභාගීත්වය ඇතිවයි.
එහිදී මෙවර තරගාවලිය සඳහා එක්ව සිටි කණ්ඩායම් හි නායකයන් බ්‍රිතාත්‍ය මහාරැජිණ හමු වු අතර මහා රැජිණ සමඟ සමූහ ඡායා රූපයකට පෙනී සිටීමෙන් අනතරුව බ්‍රිතාත්‍ය රාජකීයන් ගේ සහ ප්රභූන්ගේ සහභාගීත්වයෙන් සමාරම්භක උලෙල පැවැත්විය.
ඒ ක්‍රීඩාලෝලීන් රැසකගේද සහභාගීත්වයෙන්.
එංගලන්තයට හා වේල්සයට ආවේණික විචිත්රාංග රැසකින් 12 වන ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උළෙල වර්ණවත් වු අතර ලොව ප්‍රකට ගයක ගායිකාවන් සහ සිනමා තරු රැසක් සමාරම්භක උළෙල වර්ණවත් කළේය.
මේ අතර හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් මහේල ජයවර්ධන සහ හිටපු මලල ක්‍රීඩිකාවක් වන දමයන්ති දර්ශා මෙවර ලෝක කුසලාන සමාරම්භක උළෙල සඳහා එක්ව සිටියේය.
මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් තරග 48ක් සඳහා ක්‍රීඩාංගණ 11කදී තරග වැදීමට නියමිතයි.
තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය සත්කාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර අද(30) පැවැත්වීමට නියමිත අතර තරගය ශ්‍රී ලංකා වේලාවන් පස්වරු 3ට ආරම්භ වෙයි.
ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය ජූනි පළමුවැනිදා නවසීලන්තය සමඟ කාඩිෆ් හිදී පැවැත්වීමට නියමිතයි.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)