පාසල්වල ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක්…
පාසල් දරුවන් ඇතුළු පාසල් ප්‍රජාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගෙන තිබේ.
ඒ අනුව පාසල් ප්‍රජාව දැනුවත් කිරීම, ආරක්ෂක කමිටු පිහිටුවීම සහ ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කරුණු 25/2019 දරන මෙම චක්‍රලේඛයට ඇතුළත් කර තිබේ.
පාසල් ප්‍රජාව දැනුවත් කිරීම යටතේ සිසුන් හා කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාව, අවදානම් තත්ත්ව හඳුනා ගැනීම හා වළක්වා ගැනීම සම්බන්ධව සියලු කාර්ය මණ්ඩලය, සිසුන් දෙමාපියන් හා ආදි සිසුන් ඇතුළු පාසල් ප්‍රජාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස මෙම චක්රලේඛයෙන් දැනුම් දි තිබේ.
මීට අමතරව පාසල් තුළ ආරක්ෂාව තහවුරු කිරීම සදහා විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය දෙමාපියන් සහ ආදි ශිෂ්‍ය සමිතිවල සහභාගිත්වයෙන් ආරක්ෂක කමිටු හා අනු කමිටු පිහිටුවා ගැනීම පිළිබඳව ද කරුණු මෙම චක්‍රලේඛයට ඇතුළත්.
ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කරුණු රැසක් මෙම චක්රලේඛයෙන් වැඩි දුරටත් අවධාරණය කර ඇති අතර සිසු දරුවන් පාසලට පැමිණිමේ දී හා පිටවීමේ දී පාසල් ප්‍රවේශ අසල ආරක්ෂාව තහවුරු කිරීම, පාසලට පැමිණෙන දරුවන්ගේ ගමන් මලු සහ පාසල් බෑග් පරීක්ෂා කිරීම, සිසුන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම, නේවාසිකාගාර පවතින පාසල්හි නේවාසිකාගාර ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම, හදිසි අවස්ථාවක දී පාසල් ප්‍රජාව කඩිනමින් දැනුවත් කිරීම සඳහා උචිත සන්නිවේදන ක්‍රම අනුගමනය කිරීම, ගුරුවරුන් හා දෙමාපියන් අතර ඉක්මණින් සන්නිවේදනය කර ගැනීම සඳහා ක්‍රමවේද සකසා ගැනීම ඇතුළු කරුණු 18 ක් පිළිබඳව ද මෙම චක්රලේඛයෙන් අවධානය යොමු කර තිබේ.
පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් ,කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් හා කොට්ඨාස භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ සියලුම රජයේ පාසල්, පෞද්ගලික පාසල් පිරිවෙන් හා දිවයිනේ සෙසු සියලු පාසල් ප්‍රධානීන්ට මෙම චක්‍රලේඛය යොමුකර තිබේ.
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)