දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 46 කට නව පත්වීම්…

දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 46 කට අලුතින් පත්වීම් ලබාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අතින් සිදුකෙරිණ. දන්ත ශල්‍ය වෛද්‍යවරයකු ලෙස තමා පත්වීම් ලබා පැමිණෙන විට අනෙක් වෛද්‍යවරුන්ට වගේ සියලු පහසුකම් නොතිබූ බවත් වෛද්‍ය පහසුකම් දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ට ලබාගැනීමට තමා සටන් කළ බවත් ඇමැතිවරයා පැවැසුවේය.
දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ට පත්වීම් ලිපි ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මේ බව ප්‍රකාශ කළේය. දන්ත වෛද්‍යවරුන්ට අදාළ අයිතිවාසිකම් අදියරෙන් අදියර දිනාගත්තේ යැයිද, පැය 24 ෙස්වාව දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ට ලබාගැනීමත් සමඟ නිල නිවාස පවා හිමිකර ගත්තේ යැයිද ඇමැතිවරයා කීය.
වර්තමානයේ අනෙක් වෛද්‍යවරුන් මෙන් දන්ත ශල්‍ය වෛද්‍යවරුන් ද සම මට්ටමේ සිටින බවත් නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිලාභ සියයට සියයක්ම ජනතාවට හිමිවන බවත් ඇමැතිවරයා පැවැසීය.
මීට පෙර තිබූ රජයන්ට වඩා මේ රජය යටතේ සෞඛ්‍ය පහසුකම් හිමිවීම ඉතාම වැදගත් බව ද ඇමැතිවරයා කීය.
සෞඛ්‍ය සේවා ලිඛිතව විධිමත්ව සිදුකළ යුතු බවට රජයේ විගණකාධිපතිවරයා ප්‍රකාශ කරන අතර සෞඛ්‍ය සේවා ලියකියවිලි මත පදනම්ව ක්‍රියාත්මක කළ නොහැකි බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබාදීමට නොබියව තීන්දු තීරණ ගත යුතු බවත් සාධාරණ, අවංක සහ ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ලබාගෙන තිබෙනවා නම් දේශපාලනඥයන් ආරක්ෂිත බවත් ඇමැතිවරයා කීය.
කොළඹ දන්ත රෝහලේ දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගත යුතු යැයි ද නවීන වෛද්‍ය පහසුකම් සියලු රෝහල්වලට ලබාදීම සිදුකරන්නේ යැයි ද ඇමැතිවරයා කීය. සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා, අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන වෛද්‍ය ආනන්ද ජයලාල්, වෛද්‍ය ලාල් පනාපිටිය මහත්වරු මේ අවස්ථාවට සහභාගි වූහ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)