ශ්රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියේ තනතුරුවලට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය සඳහා සුදුසුකම් ලත් ශ‍්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. මෙම විභාගය රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් කරනු ලබන නියමයන්ට යටත්ව,
විභාග කොමසාරිස් ජනරාල් විසින් 2019 නොවැම්බර් මස කොළඹ දිස්ත‍්‍රික්කයේ දී පවත්වනු ඇත.
මෙම විභාගය පහත සඳහන් ප‍්‍රශ්න පත‍්‍ර පහකින් සමන්විත වේ.
- සාමාන්‍ය බුද්ධිය
- ශ‍්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන පසුබිම හා ප‍්‍රවණතා
- ගෝලීය ප‍්‍රවණතා
- කළමනාකරණමය අභියෝගතාව
- නිර්මාණාත්මක, විශ්ලේෂණාත්මක හා සන්නිවේදන කුසලතා
මෙවර බඳවා ගැනීමට නියමිත පුරප්පාඩු සංඛ්‍යාව 203 ක් වන අතර අයදුම්පත්‍ර භාර ගන්නා අවසාන දිනය අගෝස්තු මස 19 වන දින වේ.
2020ta wibagaya illum pathra kedaweem kale naneda