දෙවන පාසල් වාරය අදින් අවසන්…

මේ වසරේ දෙවන පාසල් වාරය අදින් අවසන්වේ. ඒ අනුව රජයේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල තුන්වන වාරය යළි ආරම්භ වන්නේ සැප්තැම්බර් මස 02වනදා ය.
මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා දේශන, සම්මන්ත්රණ සහ උපකාරක පන්ති පැවැත්වීම 30 දින මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කෙරුණි.
පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ද සියලු උපකාරක පන්ති හා දේශන පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කෙරේ. ඒ අනුව විභාග පැවැත්වෙන කාලය තුළ උපකාරක පන්ති සංවිධාන කිරීම , මෙහෙයවීම , දේශන සම්මන්ත්රණ හා වැඩමුලු පැවැත්වීම තහනම් වේ.
ඊට අමතරව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, බෙදාහැරීම ඒ බව සඳහන් පෝසටර් , බැනර් , අත්පත්‍රිකා ප්‍රසිද්ධ කිරීම හෝ ළඟ තබාගැනීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 4 වනදා පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය ආරම්භ වන්නේ ලබන 5 වනදා ය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)