මහනුවර ඇසළ පෙරහැරට කප් සිටුවීම සුබ මොහොතින් හෙට…

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහ දේවාළයන්හි සුබ නැකතට අනුව කප් සිටුවීම හෙට (02) ආරම්භ වෙයි.
නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන දේවාළ වල හෙට (02) පෙරවරු 5.10 ට යෙදෙන සුභ නැකතට කප් සිටුවීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ නර සිටියහ.
කප් සිටුවීමෙන් අනතුරුව දේවාළ අභ්‍යන්තර පෙරහර පහක් පැවැත් වෙයි.
ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු මස 05 දින වීදී සංචාරය කිරීමට නියමිතය.
කුඹල් පෙරහර පහක් වීදී සංචාරය කිරීමෙන් පසු රන්දෝලි පෙරහර 10 සිට 14 දින දක්වා වීදී සංචාරය කරන බව දෑල බණ්ඩාර මහතා පවසයි.
දහවල් පෙරහර 15 දින වීදී සංචාරය කිරීමෙන් පසු මහනුවර ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර අනුව සාර්ථකව පවත්වා අවසන් කළ බව දැක්වෙන පෙරහර සංදේශය දියවඩන නිළමේවරයා ප්‍රමුඛ සතර මහ දේවාළ හා පිටිසර දේවාළ බස්නායක නිළමේවරු පෙරහරින් මහනුවර ජනපති මන්දිරයට ගොස් ජනපතිවරයාට පිළිගැන්වීමෙන් අනතුරුව මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වීමට නියමිතය.
උපුටා ගැනීම : දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)