ලෝකයේ වැඩිය මුදලක් උපයන ක්‍රීඩිකාවන් ලැයිස්තුව…

ලෝකයේ ඉහළම මුදලක් උපයන ක්‍රීඩකාවන්ගේ ලැයිස්තුව ෆෝබ්ස් සඟරාව පසුගිය දා (07) නිවේදනය කළේය.
මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය අමෙරිකාවේ සෙරීනා විලිම්ස්ට හිමිව ඇති අතර අනෙක් ස්ථාන ද සියල්ලම පාහේ ටෙනිස් ක්‍රීඩිකාවන් වෙනුවෙන් වෙන් වී තිබීම විශේෂත්වයක්.
ෆෝබ්ස් සඟරාවට අනුව ලෝකයේ ඉහළම මුදලක් උපයන ක්‍රීඩකාවන්ගේ ලයිස්තුවේ පළමු ස්ථානය අමෙරිකාවේ සෙරීනා විලියම්ස්ට හිමිව තිබේ.
සෙරීනා 23 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා හිමි කරගෙන ඇති අතර ඇගේ වත්කම ලෙස දක්වා ඇත්තේ ඇමරිකන් ඩොලර් මිලියන 29 යි දශම 2ක මුදලක්.
දෙවන ස්තානය හිමිව ඇත්තේ ද ටෙනිස් ක්‍රීඩිකා ජපානයේ නවෝමි ඔසාකාටයි.
ඇගේ මාසික ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 24 යි දශම 3ක් වෙයි.
තුන්වන ස්ථානය ඇන්ජලික් කර්බර්ට හිමිව ඇති අතර සිමෝනා හේලප් පසුවන්නේ සිව්වන ස්ථානයේයි.
එතැන් පටන් ස්ථාන 11ක් යනතුරු වැඩිම ආදායමක් උපයන ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ ස්ථාන වෙන් වී ඇත්තේ ටෙනිස් ක්‍රීඩිකාවන් වෙනුවෙන් වීම විශේෂත්වයක්.
ඒ අනුව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු දස දෙනාගේම ස්ථාන ටෙනිස් ක්‍රිඩිකාවන් වෙන් කර ගෙන තිබීම කාගේත් අවධානය හිමි වු කරුණක් විය.
12 වන ස්ථානයේ පසුවන්නේ ඇමරිකානු පාපන්දු ක්‍රීඩිකාවක් වන ඇලෙක්ම් මෝර්ගන්.
උපුටා ගැනීම : අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)